ආකාසයේ දුර | Akasaye Dura by Shashika Nisansala

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ…

නන්නාදුනන මේ රන් තාරකාවෙන්
වලා යහන රන්වන් වෙලා…
ඔබේ නුහුරු ගීයෙන් සදා සොඳුරු බැල්මෙන්
රැයේ පීදිලා යව්වනේ…

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ…

මං මුලා කතරේ…
කෙම් බිමක්‌ වූ මේ
දිලී නිලෙන තුරු වැල් අරා
නිදා නො ඉඳ ඉන්නම්
ලියා තබා යන්නම්
ඔබේ ජීවිතේ මා නමින්…

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ…

Leave a Reply