මේ ගින්දර | Me Gindara by Shashika Nisansala ft. Miyuru

Sinhala song lyrics with music notes illustration

මේ ගින්දර ඒ කඳුමත නෑ තව නිවුනේ
මේ හිත්වල නෑ සුන්දර කවි තව ගැයුනේ
හිතේ තවත් නෑ
දුකක් දැනුන් නෑ
අපේ නමින් බැඳි ආදර කතාවෙ මුලකුරු ගැළපුන් නෑ…
සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ…//

දළ රළ පෙළ මේ යාමේ
හිත බිඳ යයි මේ ආලේ
මේ ස්නේහෙන් හදවත් බිඳුනා
තරු කැටයම් ඇති අහසේ
සඳ තනියෙන් ඇයි නාවේ
රෑ අහසින් කඳුලක් නිවුනා
හිතේ තවත් නෑ
දුකක් දැනුන්නෑ
අපේ නමින් බැඳි ආදර කතාවේ මුලකුරු ගැළපුන් නෑ
සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ

මට මා නැති වුණ යාමේ
ළඟ උන්නේ ඔබ මාගේ
ඒ මතකය කාලෙන් වැසුනා
අඟ හිඟකම් පිපුණානේ
ඒ මත දුක රැදුණානේ
විශ්වාසය නුඹගෙන් මිදුණා

මේ ගින්දර…

written by Manuranga Wijesekara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply