දුර ඈත අනන්තෙක කඳුළු නිශාවක
ආල වඩන පිනිසර අතරින්
පිබිදුණු සඳ මල අද කොහේදෝ……
පිනි කැට ඉහිරුණු සීතල සුළඟට
පෙති ගිලිහිණිදෝ වරා මලේ
උඩු හුළඟේ ගියාදෝ ඒ පෙති හින්දදෝ
නගෝ තලේ සඳ සැඟව ගියේ…..
දුර ඈත අනන්තෙක කඳුළු නිශාවක
ආල වඩන පිනිසර අතරින්
පිබිදුණු සඳ මල අද කොහේදෝ……
ඉකි බිඳ හැඬුවට ඇහැල පිපුණු මල
නැහැ යළි කිසිදින පුදින්නේ
මාල ගිරාවෝ ඉගිල ගියාවේ
මියැදුන සඳ නෑ යළි එන්නේ……
දුර ඈත අනන්තෙක කඳුළු නිශාවක
ආල වඩන පිනිසර අතරින්
පිබිදුණු සඳ මල අද කොහේදෝ……