වසන්තයේ මල් | Wasanthaye Mal by Nadeeka Jayawardana [2020]

Sinhala song lyrics with music notes illustration

සිහින පුරන
සිත අද්දර
ළියන සුබ පැතුම් පොකුර
මල් පුබුදන සෙනෙහස ගැන
බැතිබර වී සෙමෙන් ගයන

මල් පෙති හා මුකුලු කරන
රහසින් පෙම් කතා කියන
තරු දැල්වෙන අලුයමක
නිල් පොළවට සුවද ඉහින
පොදින් පොදේ

වසන්තයේ මල් නුඹටයි
වසන්තියේ මල් නුඹටයි
වසන්තයේ ගී නුඹටයි
වසන්තියේ ගී නුඹටයි
ගී නුඹටයි

පොදින් පොදට
පැහැ ගැන්වෙන
සුවද හැගුම් මල් පොකුර

සොයා ඇදෙන සියොතුන් කැල
පෙම්වත් වී සෙමෙන් රගන
මල්පෙති හා මුකුළු කරන
රහසින් පෙම් කතා කියන
හිත හිනැහෙන අලුයමක
මද පවනට මිහිර පොවන
තුඩින් තුඩේ

වසන්තයේ ගී නුඹටයි
වසන්තියේ ගී නුඹටයි
වසන්තයේ මල් නුඹටයි
වසන්තියේ මල් නුඹටයි
මල් නුඹටයි

වසන්තයේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply