සිංගලි නෝනේ | Singali None by SANUKA from movie Vijayaba Kollaya [2019]

Sinhala song lyrics with music notes illustration

සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා

නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ

ලංකාවට බයිලා ගෙනා අපියි පරංගී නෝනේ
වියෝල රවිකිඤ්ඤා ගෙනා අපියි පරංගියි
පාන් කකා වයින් බිබී නටන පරංගී
නෝනේ ගෑණු නැතොත් පණ නහගෙන අපේ පරංගී

සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා
නෝ නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ

තාප්ප කලිසම් සිතාසි සිඤ්ඤෝ
තෙම්පරාදු මඤ්ඤොක්කා
පොල්සම්බෝල පීකුදු බාල්දි
අරුමෝසම් කොම්පඤ්ඤා
බොත්තම් පස්තම් තුප්පහි කසාද
රඹුටන් කේජු පිපිඤ්ඤා
කෝප්ප පීරිසි තාච්චි පෝච්චි
අලුගුස්තේරු රතිඤ්ඤා

යකඩ හැට්ට යකඩ තොප්පි දාපු පරංගී
නෝනේ ගෝවේ ඉදන් කොළොම්තොටට අවේ පරංගී
කවදාහරි රට දාලා ගියත් පරංගී
නෝනේ හැංගි හැංගි හැමතැනකම ඉදී පරංගී

සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා
නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ

 

Download the Official Audio from here!!!!

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply