සඳේ නුඹ ඉන්නවා
මගේ හද තාරුකා මැදුරේ
සඳේ මට පේනවා
නුඹේ රුව මා හදේ ගැඹරේ
අනේ මං ආදරෙන් නැහැවූ
හදින් රුහිරේ ගලා වැගිරූ
ඉතින් මම ඉන්නවා
අසල්වැසි තාරුකා මඬලේ
කුණාටුව ආ දිනේ හෙල්ලී
බිඳීගියේ ආදරේ සුන්වී
හමා ගිය මාරුතේ එල්ලී
කොහේ ගියෙදෝ මගෙන් වෙන්වී
අනේ මං ආදරෙන් ඔපලූ
හඬින් රැව්දෙයි වදන් තෙපලූ
ඉතින් මම ඉන්නවා
නුඹේ හඬ නෑසෙනා මානේ
සදාතන පෙම් කතා අතරේ
අපේ පෙම මැකීයයි කතරේ
නුඹේ සුවඳින් පිරී හසරේ
හඹා එමි හැම භවේ සසරේ
අනේ මං ආදරෙන් ඇදහූ
රුවින් රුදු වේදනා කැඳවූ
ඉතින් මම ඉන්නවා
නුඹේ රුව නොපෙනෙනා මානේ
සඳේ මම ඉන්නවා
නුඹේ රුව නොපෙනෙනා මානේ
නුඹේ හඬ නැසෙනා
අසල්වැසි තාරුකා මඬලේ
written by Sanuka Wickramasinghe
Leave a Reply