ඇතීනා | Atheena by Thilan Dhanushka [2021]

මා ඈත නිල්වන් වලාකුලේ
වියරු මනරම් දුමාරයේ
කුරිරු නරයන් තටාංගනේ

ඈ සීත පිනි රැලි මාලිගේ
සැමරු වීනා සරාගයේ
තැවරු තත් පුරා

මායාවේ මාන පුරා
සේයාවේ සේල සොයා
සීමාවේ වලා ඉරා
මන්දාරම් අඳුර පුරා

ආලයක් නොදැනෙනා සේ මන මරා
හේමන්තයේ අනුරාගේ විසිරිලා
දෙවඟනක් දෝ ලියෙ ඔයා
සොම්නස් මවා සැඟවිලා

ඇතීනා
ඇතීනා
ඒ මා තැවූ
විරහා නිවූ

ක්‍රෝධය විසිරුනු යුධබිමෙ දැල්වුනු ගිනිදැල් අතරින් නුඹ දුටුවේ මා
මායා ලොවකදි මුල්ගත් ප්‍රේමය කිමිදී ඉපිලී මා හද නිවුනා
අවුලවා මා අසපුවේ තනිවුනා මන්දිරේ
හිමි නොවී යාවිදෝ මේ ආත්මයේ

ඇතීනා
ඇතීනා
ඒ මා තැවූ
විරහා නිවූ

Leave a Reply