ආදර වෙඩිල්ල | Adara Wedilla by Chamara Weerasinghe

Sinhala song lyrics with music notes illustration

හීරෙනා පපුව දිගේ
වේදනා කන්ද වගේ
නුඹ ළඟින් උන්නු දිනේ
දින පොතේ ලිව්වා මා


ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්
පෑරෙන මතකය අරන් සමරමු දිනක්
ඔබ ඉන්න මානේ ඔහු ඉන්නවානේ
අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ
මා කළ පවත් ඔබ කළ පවත් ඔහු කළ පවත් සසරේ දිගත්

හුස්මට උනත් පෑරෙනා හිතක උරුමේ
ඇති නුඹට මා දුන් එදා
ඔහු හා මමත් ඔබට පෙම් කරන අරුමේ
තැවුනේ ඔබයි සෑම දා
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ
මා කළ පවත් ඔබ කළ පවත් ඔහු කළ පවත් සසරේ දිගත්

මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ
ඔබ ළඟ එදත් ඉන්නවා
ලෝකය කියයි දිනෙක ආදර කතාවේ
අතරේ අපිත් ඉන්නවා
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ
මා කළ පවත් ඔබ කළ පවත් ඔහු කළ පවත් සසරේ දිගත්
මා කළ පවත් ඔහු කළ පවත් ඔබ කළ පවත් සසරේ දිගත්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply