ආදරේ මා නමින් | Adare Ma Namin by Piyath & Sandani Fernando

Sinhala song lyrics with music notes illustration

දග කරනා සිත සොයනා රස
මුව මී මල් ගොමුවේ
විද ගන්නට ඉඩ දෙනවද මට
දැවටී මා සුරතේ
සුදු මීදුම් මැද දුල තරුකැට
දකිනා ලෙස අදුරේ
මුව වදනින් නොව නෙතිනෙත බැද
දකිමුද පෙම් සිහිනේ

ඔබෙ ජීවිතේ මගේ කියා
මා හදවතේ ලියා තියා

ආදරේ…….. හේ
ආදරේ මා නමින්..
ආදරේ…….. හේ
ආදරේ මා නමින්..

නිදි නොයෙනා හැම රැයකම සිත
ඔබ ලගමයි රැදුනේ
රෑ සිහිනෙන් මම සෙව්වේ නුඹ
කොහෙදෝ ඔබ සිටියේ..
මා අතැගිලි ගෙන පපු තුරුලෙම
සගවනු මා සොදුරේ
මට කොදුරනු මැන මගෙ සවනට..
අපෙ ආදර ගීතේ

ඔබෙ ජීවිතේ මගේ කියා
මා හදවතේ ලියා තියා

ආදරේ…….. හේ
ආදරේ මා නමින්..
ආදරේ…….. හේ
ආදරේ මා නමින්..

ලංවෙලා ආදරෙන්
මට උණුහුම දෙන්න සැමදා….
ඔබේ නමින් මා නිවෙම්
සෙනෙහෙන් සිපගනිමි සැමදා….

ලංවෙලා ආදරෙන්
මට උණුහුම දෙන්න සැමදා….
ඔබේ නමින් මා නිවෙම්
සෙනෙහෙන් සිපගනිමි සැමදා….

ආදරේ…….. හේ
ආදරේ මා නමින්..
ආදරේ…….. හේ
ආදරේ මා නමින්..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply