ආකාශ වස්තුව | Akasha wasthuwa by Funky Dirt [2020]

Sinhala song lyrics with music notes illustration

මාගෙ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව
ඔහ් මාගේ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව

ඔයයි මගේ වල්ගා තරුව
මා අහසේ පෑයූ එලිය
ආදරේටනේ ඔච්චමක් නේ කලේ
පිටසාක්වල රෝස කැකුල

අහස් මාළිගා අපි තනපු කාලේ කෝ මා කෙල්ලෙ
ටිකක් රෑ වුනාම දොර වහලා මොකද මාළිගාවේ

අහස් මාළිගා අපි තනපු කාලේ කෝ මා කෙල්ලෙ
ටිකක් රෑ වුනාම දොර වහලා මොකද මාළිගාවේ

මාගේ නීල දූම කේතුව
තරහ ගියාම උල්කාපාතය
ඔහ් මාගේ නීල දූම කේතුව
තරහ ගියාම උල්කාපාතය

ඔයා බනිද්දී කනට මිහිරී
රවද්දී හුරුබුහුටී
ටිකයිනේ සැර කලේ ඇයි මවෙත විසිකලේ
පාවෙන පීරිසිය

මාස් පඩියකින් අපි දහස් ගනන් හීන මැව්වේ
පාන් ගෙඩියකින් කැන්ඩ්ල් ලයිට් ඩිනර් සිරිය මැවුනේ

මාස් පඩියකින් අපි දහස් ගනන් හීන මැව්වේ
පාන් ගෙඩියකින් කැන්ඩ්ල් ලයිට් ඩිනර් සිරිය මැවුනේ

ඉස්සර සිහිකර සැර කතා කියන්නේ
මම වෙනස් වෙලාලූ නේ අයියෝ නාහෙන් අඩන්නේ
දුක සැප දෙක බෙදන් රකිමු සතුට කැදැල්ලේ
කෙල්ලේ මොනා වුනත් ගහන්නේ බැදගත්ත බෙරේ නේ

මාගෙ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව
ඔහ් මාගේ ආකාශ වස්තුව
මොකක්ද තරහ වෙන්න හේතුව

මාගේ මෝඩ ස්වාමි පුරුෂය
ගොන් ජෝක් හින්දා කෝපය
ඇගේ මාලූ නැටෙව්වේ – මාව අල්ලේ නැටෙව්වේ
මගෙ අත ගත්ත බබා තොත්ත…

written by Murshad Huvais

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply