ආලෝකේ අතීතේ කඳුලින් මැවේවි
ජීව වේදනවෝ මා හදේ ගිගුම් දේවි
වැලි කෙළියේ මා දුටු ඒ සුරූපි දේහේ
නොපෙනේ අද ඈගේ මධු ගීතය නෑසේ
මා හද ඉවුරේ පාලුව අතුරා
ගී හඬ අහසේ ඇත ඇහෙනවා
ජීවන කතරේ කෙලවර නොපෙනේ
මා තැනූ රන් මාලගාව කැඩී බැදී විසිරිලා
ආදරේ ගීතිකාව බොල් අහසේ පාවුනා
සංවේගේ ගංඟාව උතුරා ගලාවි
ප්‍රේම කාමනාවෝ රළ පතරේ හඬාවී
ආලෝකේ අතීතේ
රන්තරු මැලවී මිහිකුල අතරේ
මහ මාරාතයේ සුසුම් හෙලනවා
මල්බර සමයේ සවනට කොඳුරා
මේඝ වලා පීර පීර ඈ ගිය අත විමසුවා
කෝකිල කූජන අරනේ ඈ වෙනුවෙන් නැවතුනා
සංවේගේ
ආලෝකේ
- Related Content by Tag
- H.R.Jothipala
- lyrics
- sinhala
- song
Leave a Reply