අපි දෙන්නා | Api Denna by Sanuka x Windy [2020]

දවසම බලං උන්නේ මං ඔයා එනකං
නොදැනිම හවස් වෙලා දැං, මේම ඉතිං
ඉවසන්න මීට වඩා නං බෑ තවත්
අද රෑ එළි වෙනකං කෝම ඉඳිම්

තෙමි තෙමි හිම වරුසාවේ
මධුපැන් මුසුවූ ඒ
ඔබ මා බැඳි ප්‍රේමේ රස තැන් සොයා
ගෙන එමි ඔබ වෙත ආයේ
සැරසූ තිළිණක් සේ,
එක්කෝ
නොබලා ඒ මතකේ පසෙකින් තියා

මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා
මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා

දවසම බලං උන්නානං මං එනකං
නොදැනිම හවස් උනා නං මොකද ඉතිං
ඉවසීම ඔයිට වඩා නං ඕනෑ තවත්
අද රෑ එළි වෙනකං මා ළඟම ඉඳින්

තෙමි තෙමි හිම වරුසාවේ
මධුපැන් මුසුවූ ඒ
ඔබ මා බැඳි ප්‍රේමේ රස තැන් සොයා
ගෙන එමි ඔබ වෙත ආයේ
සැරසූ තිළිණක් සේ,
එක්කෝ
නොබලා ඒ මතකේ පසෙකින් තියා

මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා
මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා

සයුරෙන් ඈත උන් දවසේ
හදේ කොතැනක හෝ
මා උන්නාදෝ
රෑ දිවා ඔබමයි උන්නේ
හදෙහී මා හා

මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා
මේ හීතල නත්තල් රෑ
උණුහුම් වී ඉමුදෝ
අපි දෙන්නා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *