ආරාධනාවක් එවමි | Aradanawak Ewami by Milton Perera

Sinhala song lyrics with music notes illustration

ආරාධනාවක් එවමි ලියා
ආරාධනාවක් එවමි ලියා
මගේ ගීත සංගීතේ එන්නැයි කියා
ආරාධනාවක් එවමි ලියා

ගුවනින් ගයා ගීත සවනේ පිරු
කලාකාමියන් රසික මනමත් කෙරූ
ගුවනින් ගයා ගීත සවනේ පිරු
කලාකාමියන් රසික මනමත් කෙරූ
පෙම් පා රැගුම් පා මෙදා අනන්ද වූ
දැකගන්න ඔබ එන්න සිනමා තරු

ආරාධනාවක් එවමි ලියා
ආරාධනාවක් එවමි ලියා
මගේ ගීත සංගීතේ එන්නැයි කියා
ආරාධනාවක් එවමි ලියා

මතකෙන් මකාලන්න ගිය කාරණා
මින් පස්සේ මට දෙන්නෙපා වේදනා
මතකෙන් මකාලන්න ගිය කාරණා
මින් පස්සේ මට දෙන්නෙපා වේදනා
එම දාට පැමිණෙන්න මගේ වාසනා
ඇවිදින් පතා යන්න සුභ ප්‍රාර්ථනා

ආරාධනාවක් එවමි ලියා
ආරාධනාවක් එවමි ලියා
මගේ ගීත සංගීතේ එන්නැයි කියා
ආරාධනාවක් එවමි ලියා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply