ඇස රැදුන රැදුන | Asa Randuna Randuna by Milton Perera

Sinhala song lyrics with music notes illustration

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

දුක්‌ පැදුර දිගැර අලසව ඇත
හද ගිමන් හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුලු රැය පහන් කලේ ..

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

රෑ කවුද හෙමින් එලබී
මගේ කනට මුව තියා
මින්දදගේ දුන්නේ මල් හී
පහකැයි කියා ගියා ..

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

වැසු විමන් පියන් පියවා
රදවන්නට මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නේ යටි හිතයි ..

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply