අවර්ණ | Avarna by Zany Inzane [2021]

Sinhala song lyrics with music notes illustration

නැගිටින්න බෑ කොන්ද කඩලා මේ නීතියේ..
රජ වෙන්න සුදුස්සා ගොඩනැගේවී වීදියෙන්..
හිනාවෙයි ලෝකේ අපි තාමත් ඉන්නෙ හෝඩියේ..
මේවා තේරෙන් නැත්තන් උබ මානසික රෝගියෙක්..

කෙළින්ම හොරා එන්නෙ දොර ඇරන් යතුරෙන්..
නීතියට වැඩනං ඇයි නැගිටින්නේ අසුනෙන්..
පෙනුමෙන් නෙවෙයි මුලින් වෙනස් වෙයන් ඇතුළෙන්..
සුනාමියක් උනත් පටන් ගන්නෙ මුහුදෙ පතුලෙන්..

ප්‍රශ්න තාමත් එහෙමයි, මිනිස්සු වෙනස් උනා..
ලං වෙන්න ලං වෙන්න ඒ විසදුම දුරස් උනා..
මිනිස්සු පව්,මිරිගුව වටේ කැරකුනා..
මමත් දිව්වා,හැබැයි තේරුම් අරන් නැවතුනා..

දර්ශනේ වහගෙන මිත්‍යාව දළුලයි..
වටාපතෙන් වහන් ඒ විකුර්ති බණ මතුරයි..
මං තරුණයි..හැබැයි යතාර්ථෙ අදුරයි..
තනිවම වෙනස් වීම අරගලේ තනුවයි…

නැතිවෙලා නිදහස අපේ මනසේ..
අපි දිනනවා අපිවම පරදා..
මේ සමාජේ නිරුවත කෙසේ වහන්නද අහුමුලුවල විතරක් තිර සරලා..

මම කියන්නෑ ඒ ගැලපෙන වචනේ..
වෙන දේවල් මට ගන්න බෑ අදලා..
වෙනස් කරගන්නයි ඕනෙ අපෙ ආකල්ප, කිසිදෙයක් කරන්න බෑ අරගෙන තරහා…

ධර්මෙ අවර්ණයි, අපි හිරවෙලා වර්ණෙක..
දෙයියන්ටවත් අභියෝග කරන්න බැ කර්මෙට..
මේ දෙපතුලට පොලවෙ රස්නේ දැනුනා, මෝහනෙන් මිදිලා පියවි ලෝකේ මට පෙනුනා..

මං මිනිස්සුන්ව දැක්කා විනිවිද…
ජීවිතෙන් පැනලා යන උබලා පිරිමිද..?
වැරදි කරන්නෙපා පිට පිට..
මැරෙන්න හිතුනත් මැරෙන්නෙපා ඩෝ හිත හිත..

මං දැක්කා වැහෙන්න ලේ පැල්ලම් බිත්තිවල ගෑවා හුණු, පළකරා ශෝක දින, මිනී උඩින් ඇවිදින..
බලාපොරොත්තු වෙන්නෙපා යුක්තිය..
පාවිච්චි කරන්න පටන් ගනින් උබේ බුද්ධිය..

මේ අපේ මනසේ පිරිලා පරපෝශිතයෝ..
සල්ලි කොළේ තමයි මැව්වේ කාලකන්නි පාහරයෝ..
ගිනි ගන්න ලෝකේක මේ අපි වීනා වාදකයෝ..
අපිවම මරපු අපි හැමෝම ඝාතකයෝ!

නැතිවෙලා නිදහස අපේ මනසේ..
අපි දිනනවා අපිවම පරදා..
මේ සමාජේ නිරුවත කෙසේ වහන්නද අහුමුලුවල විතරක් තිර සරලා..

මම කියන්නෑ ඒ ගැලපෙන වචනේ..
වෙන දේවල් මට ගන්න බෑ අදලා..
වෙනස් කරගන්නයි ඕනෙ අපෙ ආකල්ප, කිසිදෙයක් කරන්න බෑ අරගෙන තරහා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply