අවංකෙන් | Awanken by Ramesses Reezy [2025]

Sinhala song lyrics with music notes illustration

මේ ලෝකෙට ඇවිත් නම් දැන් විසි පහයි.. (දැන් 25යි අවුරුදු!)

අත්දැකීම් ගොඩයි මගේ මතක රහයි..

ඇයි මම ආවේ මේ ලෝකෙට අහයි!..

අම්මයි තාත්තයි දුන්න නමයි..

උප්පැන්නේ ලියවුණු ආගමයි.. 

ඒ මම තමයි.. කිව්වට!

කොහොමද එද්දිම ලේබ⁣ලේ වැදුන පලියට පිළිගන්නේ ?

අවුරුදු හතක් වෙනකන් ම පිටින් ගන්න ගතිලු තදින් පිහිටන්නේ..

ඒ ගතිමයි ලු ⁣මැරෙනකන්ම අපිව ඉබේට කරවන්නේ..

මං අත දාලා ඒවත් වෙනස් කරගෙනයි දැන් මාව කරවන්නේ..

අම්මා ගේ පුරුදු, තාත්තා ගේ පුරුදු, අයියා ගේ ඇවිල්ලා මටත්!

වෙන්නලු පුහුණු ඕන්නැති පුරුදු තියලා යන්න නම් ගමන තවත්..

හැමෝම ඉන්න විදිහට ඉන්න ඕන්නෑ මට තවත්..

අපිත් නිකන් තෙරපෙන තරම්.. ගොඩ යන්නේ නිදි මරන්..

මට නම් ඇති වෙලා.. එකම රවුමක හිරවෙලා..

නමය පහ ම⁣ට නම් එපා.. මං නෙවෙයි උඔ හිතන එකා..

දකින එකා.. 

සල්ලි ද හොයන්නේ බාගෙට මැරිලා.. Ah!? 

ලෝකේ දුවන්නේ බොරුවෙන් වැහිලා..

බෑ මට පස්සට යන්න නම් හැරිලා..

ගොඩක් දේ දැනිලා, ඔව් දැන් ඇස් ඇරිලා..

ඒ නිසා..

ඕනි දෙයක් කරයි අවංකෙන්..

මොන දෙයත් ලියයි අවංකෙන්..

හැම දෙයක් ම මමයි කරන්නෙත්..

හැබැයි මං කොහොමද කරන්නේ අවංකෙන්?

මං අහන්නේ අවංකෙන්! //

මං කියන්නේ..//

අවංකෙන් කරොත් මං දිනයි ද ඡන්දෙන්? Ah ?

වැටෙයි ද දැන් ඉන්න තත්වෙන්? Huh? 

වදන් දෙන්නම් ඕනනම් කඩ්ඩෙන්.. 

තියන්නම් හුත්තොන්ව මුරුංගා අත්තෙන්.. Hrh!

ලෝකෙම අල්ලන්නම් මං තනි අතෙන්..

මං නම්මන්නම් මිනිස්සු කටෙන්..

කියන්නනම් කෙටි පාර යන්න කන්ඳ මුදුනට අස්සෙන්..

මේවා.. කරන්න ඕනිමද බං අවංකෙන්!?

මිනිස්සු හිත රිද්ද ගන්නේ නැද්ද දෙයක් අපි මූණට කියුවොත් අවන්කෙන්!?

ඇත්ත දරාගන්න බෑ මුන්ට..

ඕනි බොරු මවාගන්නයි සෑහෙන්න..

තව කාලයක් යාවි ඇස් පෑදෙන්න..

එක වචනෙත් ඇති හිත් පෑරෙන්න..

කොච්චර කෙරුවත් හොඳ නම් බෑ වෙන්න..

තමන්ම කරාවි තමන්ටත් බොරු..

කර්මය වනාහි හැමටයි පොදු..

සයිකලේ පදි මුං කාගෙන ඔළු..

බ්‍රෝ අදාළ නෑ උඔ ඇදපන් කොටු..

තමන්ට නැති උන් අනුන්ට හූල්ලයි..

NPC වගේයි හිතන් පරිපූර්ණයි..

එළියක් පතා හොයන්නේ අඳුරයි..

ඒ වගේ උන් ඉතින් කොහොමත් අඡූතයි..

පිරමීඩේ උඩ නෑ යාලු සුද්ද!

අපි උඩ යද්දි වේවිද ශුද්ද?

අවංකෙන් කරන්න ඉඩදෙයි? මුන් ද?

අනේ නිකන් පලයන් බං හු*ත!

දහයක් ගත්තොතින් නවයක් වංකයි!

තමන්ව තමාටත් අනුන්ටත් හංගයි!

ආස කටුස්සන්ගේ රන් පළඳන්නයි!

වැඩක් නෑ අවංකෙන් කරත් මුන් අන්ධයි!

ඒ නිසා..

හැමෝම නෑ කරන්නේ අවංකෙන්..

හැමෝම නෑ ලියන්නේ අවංකෙන්..

හැමදෙයක්ම ‘මම’යි කරන්නෙත්..

ඇයි ඕනි මං කරන්න අවංකෙන්? 

මං අහන්නේ අවංකෙන්! //

මං කියන්නේ..//

ඇයි උබ බයද කරන්න අවංකෙන් ?

උඹ ණයද? යාලු පරිස්සමින් කතාව ඉවර වෙන්නෑ කනත්තෙන්..

උඹ ආසද කරන්න වංකෙන් ?

යාලු නැහෙන්නේපා බොරු මත්තෙන්! 

තමන් අවංක වෙනකන් තමාට කරන්න අමාරුයි මේක නවතින්න වෙන්නෑ අනන්තෙත්!

අවංකෙන් කෙරුවොත් කඩන්න පුලුවන් කර්මේ පවා! 

ඇත්ත කියන එකාට වැටහෙයි ධර්මේ පවා!

මමත්වෙට ඕනි දිලිසෙන්න තමයි ඇත්ත වසා!

වංක නොවියන් දාහක් උන් අස්සේ අවංකෙන් කෙරුවොත් ගැම්ම තමා!

කොච්චර කියුවද බොරු මන් අම්මට!

කොච්චර දේවල් නම් ඇත්ද මං හංගන?

අවංක වෙන්නැත්තේ මං බය හන්දා ද? 

මං මගේ ඇත්තවත් දන්නැති හන්දා ද?

වරදකාරී හැඟීම් ඇත පිරිලා..

පරණ දේවල් වලින් මම ගිලිලා…

මත් වුනු කාලේ නෑ මේ දේවල් දැනිලා..

කොහොමද යන්නේ මං මේවාගෙන් මිදිලා?

පොඩි කාලේ ඉඳන් හැඩ ගැහෙනවා මිනිස්සු බයයි!

බහුතරේ පැකිලෙන්නේ තමන්ගේ වැරදි දකින්න තමයි!

දේවල් වෙනස් වෙන්නේ අපි අපෙන්ම අහන පැනය මතයි!

අහසින් බිමට අපිව වැටුන හේතුව තවමත් බිඳුණු බවයි!

ඒ නිසා..

ඕනි දෙයක් කරපං අවංකෙන්!

ඕනි දෙයක් ලියපං අවංකෙන්!

දේවල් නෑ වෙන්නේ අහම්බෙන්!

ඒකයි කරන්න ඕනි අවංකෙන්!

මං කියන්නේ අවංකෙන්! //

මං අහන්නේ//

written by Minru Silva

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply