ආයේ එන්න | Aye Enna by Chamika Sirimanna

Sinhala song lyrics with music notes illustration

ආයේ එන්න පණ මාගේ
ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ
පාළුවේ තවත්
කදුලැල් මවා නෙතේ
මොනවාද අත් වුනේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැගුනේ

තනිකම මැදින් එදා
සමනල් රටා මවා
වචනෙන් නොකී කතා
හොරකම් කලා…ඔයා
හීනෙන් හැඩුවේ
දුකටයි රහසේ
තනිවී දිවියේ

ආයේ එන්න පණ මාගේ
ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ
පාළුවේ තවත්
කදුලැල් මවා නෙතේ
මොනවාද අත් වුනේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැගුනේ

හසරැල් මතක් වෙලා
නිතැතින් සුසුම් හෙලා
කදුලින් නුවන් තෙමා
දෙනෙතක් ගිලන් වෙලා
පූජාසනයේ…මා නම් පැතුවේ
ඔබමයි සසරේ

ආයේ එන්න පණ මාගේ
ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ
පාළුවේ තවත්
කදුලැල් මවා නෙතේ
මොනවාද අත් වුනේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැගුනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply