බිංදු බිංදු රන් | Bindu Bindu Ran by W. D. Amaradewa

බිංදු බිංදු රන් – ගෝ්මර මාලා
බන්දා ගෙල වට – ඔමරි ලතාවට
කන්දෙන් පාවී – ලන්දට බසිනා
රන් වන් රන් වන් – මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි

හුරු නැති මගක ගොස් උගුලක වැටෙනු එපා
කළුවර ගළද්දී තනි මග ඇදෙනු එපා
සිරිකත මැවූ සිරි දෙනයන වසනු එපා
පිරිවර සොයා මා තනි කර යන්න එපා

කුන්ද සමන්පෙති -සුවද හළාලා
රන් හිරු රැස් කෙදිි – දෙරණ සිඹින විට
මන්දැයි තවමත් – ලන්දට නාවේ
රන් වන් රන් වන් – මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *