නොහිතුනාට | Nohithunata by Yuki Navaratne [2024]

හිත හිත නුඹ පිට ඇදුණාට
රහසෙම වෙනතක බැදුණාට
මම සිටි සිහිනය මම මෙහෙම
අල්ලන් ඉන්නම්

ටික ටික ඉඟි මට දැනුණාට
නොහිතුණු හැටි පුදුමෙකි තාම
අපි වෙන්වුණු හේතුවෙ රහස
හංගන් ඉන්නම්

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට //

හිතවත්කම් හිත කඩලා තිබුණා
අපරාදේ අපි හමුවී තිබුණා
තුරුළේ සතපා
අඳුරේ සනසා
මදිවීද කියන් දැනුණා…

දවසක් වත් පෙම් කරලා තිබුණා
හිතුනේ නැතිදෝ වැරදී කියලා
හැමදේ සඟවා
පිට වී තිබුණා
හිත නැද්ද දරා

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට //

written by Yashodha Adhikari

මුකුලු කලා | Mukulu Kala by Thiwanka Dilshan

මායම් පානා ඇගේ මනා හිනාවේ
සායම් ගාලා දෙතොල් තෙමා නැ
ඒ මද්දහනේ නිවී ගියා විඩාවේ
මේ වාගේ නම් කලින් වෙලා නැ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

ලග ලග හිතම දැවටෙනා
හිත හිත ලගම නවතිනා
නිතරම වගෙම නුබගෙ
අගර දගර මෙමට සිහි වුනා

හෙමිහිට රැයම එලිවෙලා
පාටින් ලොවම හැඩ වෙලා
කෙල්ලේ මේ මගේ හෘදේ
ගත්තේ කොහොම කියන් පාදලා

හිතා මතා පෑවේ නෑ ඉබේමනේ ආවේ
හෘදේ පුරා පායා මා නගේ සුපෙම් ආලේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

(ඈ මුකුලු කලා මුකුලු කලා
මුකුලු කලා හිනාවේ
සලඹ සලා සලඹ සලා)

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා මුකුලු කලා
මුකුලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

written by Dimi3

මගේ | Mage by Kanchana Anuradhi [2022]

හද මඩලම දුනි පවරා
සදේ නුඹ
නැතුවම බැරි තැන මා

නෙතු බර කර නුඹ බලනා
අනේ මම
හද අවනත නැතුවා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මාහිත් ආයේ ඉගි මරනා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මාහිත් ආයේ ඉගි මරනා

ඒ හැගුමේම පාවීලා මා
නොදැනිම බැදිලා මේ
උතුරන ස්නේහේ කිම
සගවනු මා

නෑ යන්නේ නෙතු තෙමලා මා
ඉන්නේ අද පේවීලා මේ
සසරේම ඒවී නුබේ
දෑතේ වෙලිලා

හද මඩලම දුනි පවරා
සදේ නුඹ
නැතුවම බැරි තැන මා

නෙතු බර කර නුඹ බලනා
අනේ මම
හද අවනත නැතුවා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මාහිත් ආයේ ඉගි මරනා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මාහිත් ආයේ ඉගි මරනා

හද මඩලම දුනි පවරා
හද මඩලම දුනි පවරා
සදේ නුඹ
නැතුවම බැරි තැන මා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මාහිත් ආයේ ඉගි මරනා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මාහිත් ආයේ ඉගි මරනා

written by Dulan ARX

ලඟ ලඟ | Langa Lanaga by Dinesh Gamage ft. Smokio [2022]

දැකලා ඒ රුව ආයේ
සසල වේ හද මාගේ
නෙතම කියවා පෑ ඒ නුරාවේ

හද නතුම නොවේවි වාගේ
වශියක් ආලෙම ඈගේ
හදට දුන්න ඉනාවේ බැඳුනාවේ

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

කෙල්ලේ කෙල්ලේ
වෙනස කලා මාව පිස්සෙක්
ඇස් අරින්න දෙන්නෑ මට
ඒ ඇස් වල දිස්නේ
සරාගී රහසක් දෙතොල් වලින් දිස්වෙයි
ඇ මුමුනාවී සම පුරාම රාගී
හැගුමන් ඇවිස්සේයි

තාලෙකට ඇගේ රන හසුන් ඉස්සෙයි
උතුරම සවිදිය මදු බදුන් හිස්වෙයි
මං ආස පස්සෙන් එන්න රෑ තිස්සේ
ඈ තුවාල කලා ඒක
ආදර කිනිස්සෙන්

නොදැන නෙවෙයි දැන දැනම
මම ගිහින් පැටලුනා මායම් දැලක
සිර වෙලා ඇගේ සිරුරේ ගැබුරු තැනක
‍රුංගාර රස විදිමි අකුණු සැරක

ආසම සැරට වශීවෙලා වගේ
මම ඇවිදින හැඩට
තොල් තදකරන් ඒ රෝස තොල් මැදට
ඉන්න තිබුනොත් ඇති වෙන මුකුත් එපා දැනට

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

නොදැන නෙවෙයි දැන දැනම
මම ගිහින් පැටලුනා මායම් දැලක
සිර වෙලා ඇගේ සිරුරේ ගැබුරු තැනක
‍රුංගාර රස විදිමි අකුණු සැරක

ආසම සැරට වශීවෙලා වගේ
මම ඇවිදින හැඩට
තොල් තදකරන් ඒ රෝස තොල් මැදට
ඉන්න තිබුනොත් ඇති වෙන මුකුත් එපා දැනට

නාදෙන් | Naden by Kanchana Anuradhi & Supun Perera [2022]

නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
වෙනතක නතර වෙලා..
මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා..

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා

දෙවඟන ඈ..
රැවකට නැවතී මා පෙර නෑ
නාහෙට නාහන මේ හද නෑ..
සිහියක හිඳවනු බෑ
දැක නාරී නාරී නාරී (දේහේ ඈ)

දිනකර ඈ
මන පිනිබිඳුවකි මා ළග ඈ
සිලුවකි ගිනි දවනා ගත රෑ..
සමවැද හිදිනට බෑ
මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..

දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා..
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්

දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා..
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..

දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා..
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්

දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා..
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්

නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
වෙනතක නතර වෙලා..
මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා

හිතා මතා | Hitha Matha by Raveen Tharuka ft. Dulan ARX

ඈ.. මුදු කෝමලී මා
දෙස යලි හැරීලා
රිසි සේ බැලුම් හෙලාලා..

පෑ.. ඉඟි මා වෙලාලා
සුසුමන් විදාලා
හිත මා දුකින් මුදා..
කෙල්ලෙ !!

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා

මන බැඳුණු කිංකිණි කතාව
නෙත ගැටුනු නිතඹ ලතාව
එදා ඉඟි බිඟි කල රටාව
හද කිති කැවී ගියා..

නුඹ මගේම නොවෙද හිතාන
හිත ඇඳුනු නුඹම පතාන
ආවෙ යන්න අරගෙන ඔතාන
කෙල්ලෙ නුඹ තමා කෙනා..

රුව ආයේ දකිනා දින හද මාගේ වයනා..
මුදු තාලයෙන්ම ආයේ මත් උනා

රුව ආයේ දකිනා දින හද මාගේ වයනා..
මුදු තාලයෙන්ම ආයේ මත් උනා

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා

නුඹේ ලතා..
දැක්ක හිත වගෙයි තනි ඇතා..(ඇතා)
නුඹ පතා
ඇදබෑවේ බේගල් ගොත ගොතා..(ගොතාාා)

බින්න බැස්සත් නොබැස්සත් මං උස්සන්නෙ කෙල්ල
මං කැස්සත් නුරුස්සන්නේ ආලෙට නේද ?
බැස්සත් විස්සක් කාටත් නෑ මෙල්ල
දැං විස්සත් පැන්නා හරි කාලේනේ නේද ?

වයන්නම් මං ආලේ සිතාරේ
ගලං යන්නේ මගේ ආලේ පිටාරේ..
දුන්තත් හිත නුඹ අවාරේ
ගැහුවත් කනපිට ගති නං නෑරේ මගේ..

මුදාගත්තේ අලකලංචියෙන් (හාහ්)
ගනිච්චියක් නෑ දැන් තහංචියෙන්..(හාහ්)
අතගන්නෙ වෙන්නෑ තොලොංචි මං
අංචි අදින උන්ට දෙන්නෙ පලංචියෙන්..

කෙල්ලෙ..!

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

මගෙන් දුර | Magen Dura by Dilki Uresha [2021]

කියන්න ආදරේ දැන් නැතිදෝ කියා
විඳවන්න බෑ තව තවත් ඔබ ගැන සිතා

හිතුවෙ නෑ මේ තරම්
කරයි ලොකු වැරදි නම්

මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා

මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා

උමතු කල ඒ සිනාවන්
වශී කල ඒ කතාවන්
කරපු හැම දේ මුලාවක් නම්
නවතින්නම්

හිතුවෙ නෑ මේ තරම්
කරයි ලොකු වැරදි නම්

මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා

මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා

written by Chamath Sangeeth / Himansha Kavindi

ලිය ලියා | Liya Liya by Smokio ft. Dilki Uresha [2020]

පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
“කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ”
ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් ” නෑ වෙන්න දෙන්නේ ! “
හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
පසුතැවිල්ලට හේතුවයි පමාව
මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..

පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

written by Achala Solomons, Chamath Sangeet & Smokio