එනවාදෝ | Enawaado by Samanalee Fonseka & Indrachapa

අරගලයේ රාවේ
ආකාශේ පාවේ
ඇසුණාදෝ ඇසුණාදෝ
ඇසුණාදෝ ?

ජනබලයේ ජීවේ
හදමඬලේ යාවේ
දැනුණාදෝ දැනුණාදෝ
දැනුණාදෝ ?

සතර දෙසින් ආවේ
සටනට හද පෑවේ
දුටුවාදෝ දුටුවාදෝ
දුටුවාදෝ ?

සත්‍යය දිනුවාවේ
කවුරුද තව නාවේ
එනවාදෝ එනවාදෝ
එනවාදෝ…?!

හුස්මක් | Husmak by POP PUNK ft. Indrachapa Liyanage, Samith Gomes

උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්
අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්
උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්
අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්

රට කාලා දාපු උන් කාලා වතුර බිව්ව මුන්
දේශපාලු වාසි පාරු බාන මාරු කාසි මුන්

ශ්‍රී ලංකා නෑ ජාති ආගම් සීමා දැන් පෙන්වන්ටා
ආදරයෙන් හුස්මට හුස්මක් දෙමු ජව පෙන්නා
ඇහැරෙන්න ඉතින් හරවමු දිනවමු ශ්‍රී ලංකා

හෝ.. ඕ..

කනෙන් රිංගලා හෙමින් අන්දලා කොයි කාවත්
යැව්ව රොකට් එක ගොඩ බැහැලා ඇති හඳ ගාවත්
තොපිට බය වෙලා ඇති දැන් හඳේ හිටි හාවත්
උගේ කැරට් අලේත් කාපන් හොරෙන් වෙන නෑ ඌ ගාවත් ඒයි

ඌ වගේමයි මෙහෙත් අපිටත් නෑ ඇප
කියනකන් ඉන්නේ කරන්න අහවල් එකත් කැප
දැන් නම් බලාගනින් නැකත අතේ නැතුවත් යකඩ
කොලඹ වටලන් අහන්නේ මහරජ දැන් සැපද?

හේයි මහරජ දැන් සැපද?
කොච්චර වෙස් ගැන්නුවත් දැන් පේන මූන කැතද?
කෞතුකාගාරයෙන් කඩු උස්සපු එක කැපද?
මහ දවල් රට වටෙන් නිධන් ගන්න කැපද?

මදිද? තව මදිද?
පාස්කු ඉරිදම බිලි ගත්ත මිනී ගාන මදිද?
පිටරට පැන්නුව සල්ලි කොල මදිද?
මුලු රටකගේ උරා බීපු ලේ මදිද?

උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්
අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්
රට කාලා දාපු උන් කාලා වතුර බිව්ව මුන්
දේශපාලු වාසි පාරු බාන මාරු කාසි මුන්

ශ්‍රී ලංකා නෑ ජාති ආගම් සීමා දැන් පෙන්වන්ටා
ඇහැරෙන්න ඉතින් හරවමු දිනවමු ශ්‍රී ලංකා

හෝ.. ඕ..

දූෂිත පාලනෙන් පොඩි මිනිහව පාග පාග
පිළීගදයි මුංගේ අත් පිළිකන්නේ මලමිනී ගොඩ දාලා
පානා රැගිලී නිසා දැන් උන්ගේ කරන් මේ වේදිකාව
තරුණ බලේ අරන් එන්නම් සුන්නත්ධූලී කර යන්නම් වේදිකාව

ඉවසුවා ඇති කාලේ ඒත් කලකම් පලදේ බොට එයි මරු පස්සෙන් බල තණ්හා අස්සේ කෙළවේ ඊටපස්සේ කල මුසා වමාරන්න වෙයි
බොරුවෙන් පෙන්නන දේ ඔළු කන්නේ විසෙන් මිනිසුන්ගේ බලෙන්
රැවටෙන්න එපා බොලා ගිල ගන්න 225ම සැරෙසේ

බලෙන් තගෙන් අල්ලන් ඉන්නේ රට මිනිසුන්ව පාගා
වරෙන් කොල්ලො කෙල්ලෝ ටික ගොඩගමු අපේ රට ශ්‍රී ලංකා
බලන්න ඕනේ නෑ එළිය කොදූ නවාගෙන අනුන්ගේ පහනෙන්
තරුණ මේක අපේ රාවේ කොඩි අරන් එන්නේ අයින් වෙයන් පාරෙන්

උඹට ආස නෑ මුන් උන් අපිට ඕනේ නෑ උන්
අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්
රට කාලා දාපු උන් කාලා වතුර බිව්ව මුන්
දේශපාලු වාසි පාරු බාන මාරු කාසි මුන්

ශ්‍රී ලංකා නෑ ජාති ආගම් සීමා දැන් පෙන්වන්ටා
ආදරයෙන් හුස්මට හුස්මක් දෙමු ජව පෙන්නා
ඇහැරෙන්න ඉතින් හරවමු දිනවමු ශ්‍රී ලංකා

හෝ.. ඕ..

සිංහයෝ | Sinhayo by Indrachapa Liyanage

ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා
රූප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නමින් දිව්රා
රන් රුවන් බැඳී අසිපතක් ගෙන මුළු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා

සිංහයෝ සිංහයෝ
සිංහයෝ සිංහයෝ
සිංහයෝ සිංහයෝ
සිංහයෝ සිංහයෝ

නිලඹර පුරා ඇඳි රූ රටා මැව් ජය ගී අද නුඹේ
වංකගිරියෙන් හමන සුළඟේ රැඳුනු ගී අද නුඹේ
අසනී වැසි හඬගා හඬද්දී පෑයූ රන් හිරු සේ
නුඹේ නමින් මේ යදින්නේ ජය පත දේශයේ

දේශයේ ජය කොඩි දරා මේ සක් සියක් දෙනා
ඔද වැඩුවද සන්තොසින් සෙනවියන් නුඹ රකින
සිංහයන් නම් පෙළහරින් නෙක හරඹයන් මවලා
සකි සඳේ පවසම් මෙසේ දිනවමි අපේ ලංකා…

ලිහිණි හෙළ | Lihini Hela by Indrachapa Liyanage [2019]

ලිහිණි හෙළ

මේ මේකුළු ගොමුවේ
මා ඈමය හෙව්වේ
ඈ එලුපුල් මල සේ හිනැහී
රෑ ගණදුර නිව්වේ

ලිහිණියේ දෑසේ කිමිදුණා
නින්නාදයේ රහසින් හිනැහුණා
මිහිදුමේ සුසුමේ වෙලුණා

මේ හෙළේ පතුළත
සැතපුණු දා හදවත
දැනුණා ජීවිතේ දැනුණා

ලිහිණියේ දෑසේ සැඟවුණා
සන්තානයේ සිහිනෙන් ඇහැරුණා
මිහිදුමේ පා වෙවී රැඳුණා

කුරුල්ලන්ගෙ තටු සින්දොත් | Kurullange Thatu Sindoth by Indrachapa Liyanage ft. Nadeeka Jayawardena [2016]

කුරුල්ලන්ගෙ තටු සින්දොත්
අහස තලේ දුර මනින්න
වළාකුලක හැඩ බලන්න
සුළං රොදක සුව විදින්න
ඉතින් තවත් හැකිද උන්ට

මී මැසි තුඩු සිද දැම්මොත්
මොවුන් කොහොම රොන් අරගන්නේ
මල් කෙම් අතරේ මුදු පහස
ලබා මලක සුවද පතුරාලන්න
ඉතින් තවත් හැකිද උන්ට

වරල් බිදුණු මාළුවෙකුට
සයුර පතුලේ කිමිදී යන්න
රළ පහර මතින්සැඩ බිද දමමින්
ගල්පර තුල සිරි දකින්න
ඉතින් තවත් හැකිද උන්ට

යෞවනයට වැට බැන්දොත්
ලපලු හැගුම් දළු දමන්න
සුවද සිතුම් මල් පිපෙන්න
නාඹර තුරු ඵල දරන්න
අවසරයක් නැහැනේ නේද

දිගන්තේ | Diganthe by POP PUNK ft. Indrachapa Liyanage & MANASICK

මල් වසන්තේ
ඈ කොහේදෝ
මං මුලාවී

මේ දසන්තේ
ඈ කොහේදෝ
මං සොයාවී

මල් වසන්තේ
මං ගී ගයාවී
මුලාවේ

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

මේ දිගන්තේ පාවී

මල් මදහස්
තරු උදහස්
අස් කරගෙන යන්න
මගේ හද ගැබෙ
පස් වුනු
තරුකා ආලෝකවත්
වාලු කාවන් ‍යටතට
උසම තැනින්
යල්ලා තව තැනකට
මානසික්
ඉන්ද්‍රචාපයන්
හිරු කිරනින් වෙලා
ඝන අදුර
ගිනියම් කලා
තාපයන්
සාපයන්
නිසොල්මන ග්‍රහලොවේ
පව ඝන්ඨාරයක්
පෙර පින ප්‍රාථිහාරයක් වාරයක්

මන්දාකිනියේ
මම කන සිරබත
සන්නාසද්ද අදෝරක්ත
වීණා වත
පිරිවරන් උල්කාපාත
වැසි වරුසා
බිද දමන් ඒන්
හඹාගෙන මම ක්ශීරපාත

උන්නා එක ගංගාවක තරුණිය
ආසයි මට සිප ගන්න
ඒ තුරුලිය
හුන්න වැඩි මා පන්නා දමා
මිනිසා අඹුසැමි වුණා
එක්ක පෲතුවිය

මේ දිගන්තේ
ඈ නොවේ දෝ
මල් සරාවී
ඒ සුගන්දේ
ඈ මතින්දෝ
දැන් හමාවී

මේ දිගන්තේ
මල් වසන්තේ
තරු කොහේදෝ
ඔබ දුර ඈතයි මා

සදු නිවෙද්දී
තරු හඩාවී
මං කොහේදෝ

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

මේ දිගන්තේ
මල් වසන්තේ
තරු කොහේදෝ

සදු නිවෙද්දී
තරු හඩාවී
මං කොහේදෝ

මේ දිගන්තේ
මල් වසන්තේ
තරු කොහේදෝ

සදු නිවෙද්දී
තරු හඩාවී
මං කොහේදෝ

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී

පාවී
යාවී
සිහින මායම්කාරී
සිහිනේ තනිවී
මේ දිගන්තේ
පාවී
මේ දිගන්තේ
පාවී

ජීවිතේ සිහිනයන් | Jiwithe Sihinayan by Indrachapa Liyanage

හමන සුළගේ ගිනි දැල් නිවේ
ජීවිතයේ සිහිනයන් නැලවේ
මායාවේ අදුරයි දැනුනේ
මැවෙනා ලෝකෙන් මිදෙනා

මිරිගුව නෙත ගැටුනා වේ
සෙනෙහස ගිනි ගන්න ලෝකේ
අවකාශේ මිත්‍යා දසතේ පැතිරේ

හමන සුළගේ ගිනි දැල් නිවේ
ජීවිතයේ සිහිනයන් නැලවේ
මායාවේ අදුරයි දැනුනේ
මැවෙනා ලෝකෙන් මිදෙනා

දෑසින් | Desin by Indrachapa Liyanage

මේ හීනයේ යාවී බොදවී
දෑසින් ගිලිහී පාවී මා විසිරී
මේ හීනයේ යාවී බොදවී
දෑසින් ගිලිහී පාවී මා විසිරී

මා මේ ගීයේ මතකයන් නොමියේ
මා ජීවිතේ රැදී ආදරේ
නෑ මිය ගියේ ඒ සිහිනේ
දෑසින් ගිලිහි පාවී මා විසිරි

මේ හීනයේ යාවි බොද වී
දෑසින් ගිලිහි පාවී මා විසිරී

උල්කාපාතයක් | Ulkapathayak by Indrachapa Liyanage

අළු පාට වළාකුළු
කථාවක් නෑ
තරු නිවී තරු නිවී
රාත්‍රියේ
සඳක් නැති අහසේ
අරමුණක් නැතුව මං
ගිනි අරන් ගිනි අරන්
මොනවත් හොයන්

උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක්
උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක්

අහස් කාන්තාරයේ
නන්නාඳුනනා ජීවිතේ
ආලෝක වර්ෂ ගෙවා
ආදරේ අරමුණක් සොයා
පොළවට වැටෙනා
දේවතා එළියක්
ගිනි ගත්ත
තරු එළියක්

උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක්

සිතුවිලි | Sithuvili by Indrachapa Liyanage

සුසුම් පවන් රෑලී නැගී
නොකී කතා අනන්තයට ඇදී
නිමා නොවෙනා මතකයයි ඔබේ ආදරේ
සීතලේ කිමිදුනු අදුරේ…
මදුවිතේ… තැවරුම් දෙතොලේ.
සිහිනෙන් වියැකුනු සුවදක් සේ
බිදුනා

සිතුවිලි අහුරක් මුදා හැර.
විසිරී යන්නට ඉඩ හැර
සිහින සිතුම් උවමක සිත්තම් කල
බොදවුනු ඇද උනු රේඛා.
සීතලේ කිමිදුනු අදුරේ…
මදුවිතේ… තැවරුම් දෙතොලේ.
සිහිනෙන් වියැකුනු සුවදක් සේ
බිදුනා…

සද ගිනිගත් ඝන රෑ අහසේ
තරු කැට නිවී ගිය පැයේ
අතීතයේ නොගැයූ ගීයේ
පොපියන දෙතොලග මිමිනේ
සීතලේ කිමිදුනු අදුරේ…
මදුවිතේ… තැවරුම් දෙතොලේ.
සිහිනෙන් වියැකුනු සුවදක් සේ
බිදුනා…
වෙලුනා…