මායම් | Mayam by Rahal Alwis ft. Skay Jay [2023]

පාලු රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාව
හීන ගේන මීදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ

සරාගි නෙතු රන් පතකින් තවරන්
කරන්නම් රාගි යුෂ එක්ක ආලේ කවලම්
මදිද ම⁣ගේ හිත අස්සේ ගැහුවා කරනම්
රත්තරන් කද බද කෙල්ලේ එන්න නටවන්

Nauty Shawteyyyy ඔයාවයි මම පැතුවේ
රෝස මලේ නටුවේ කටු ඇනේවි පපුවේ
ඇස් දෙකෙන් මාව මැරැවේ ගැස්සිලා හොරෙන් බැලුවේ
දැල්වෙනා තනි තරැවේ එල්ලුනා හද පලුවේ

සීත සේල මේ බිගු අතරේ
රෑ පුරාම ඇස් ඉගි මැරුවේ
ඈ නොවේද තාරකාව
මා නිසාම මායම් පෑවේ

රෑ ඒ හීන ලැව්දුන් යාමේ
පාට පාට හීනෙන් වාගේ
මා නිසාද ඈගේ හීන
මා ලගින්ම ඇවිදින් උන්නේ

නියරටා හැඩ මවා මගේ පිට මැද්දේ
එකපාරයි නෙමෙයි දෙතුන් පාරක් සීලේ රැක්කේ
මන් දැක්කේ ඔයාවයි නෙතු අස්සේ
ඕනම ගින්නක් නිවන්න පුලුවන්ද වැස්සේ

දුන්නත් වරම් මගේ හීනත් ගනන්
සැප දුන්න තරම් ⁣කෙල්ලෝ බින්දා වලන්
මන් හීන මැව්වේ රජෙක් වගේ ඉන්න බලන්
ගලක් වගෙමයි හිත කුඩුවෙන් නෑ මලත් Baybayy

පාලු රෑක නීලාකාසේ
පානවාලු මායම් බෝ සේ
ඈ නොවේද තාරකාව
හීන ගේන මීදුම් යායේ

ආලවන්ත දෑසින් කීවේ
පෙම් කවක් ද නෑ මං දන්නේ
මා ලගින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ

written by Nilar N Cassim & Skay Jay

සුසුමට | Susumata Susumak by Sanka Dineth ft. Uresha Ravihari

කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ
සතපා සනසන්නම්
ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේ
සිහිනය අඩ නින්දේ තිබුනාවේ
මතකේ නැලවෙන්නම්
අපෙ හඬ විතරක් මට ඇහුනාවේ

නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ

සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය

තුරු වියනට පිනිකැට වැටෙනා විට
ඒ හඬ කවියකි නිසංසලේ
දිය කඳුරක පොඩි පෙන නැගෙනා විට
සන්ධ්වනියකි පෙම් ප්‍රගීතයේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ

සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය

අපටම වෙන්වුනු මේ නිදි නැති රෑ
බවුන් වඩනවා හෙමින් සැරේ
කිසිදා නොසිදෙන ආදර උල්පත
ගලා හැලෙන හැටි හදින් හදේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ

සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය

written by Nilar N Kasim

දීපාවලී රෑ | Deepawali Raa by Dharshan Thavaraja ft. Ayashma

දීප දීප දැල්වෙන මේ
දීපාවලි රාත්‍රියේ
හිතේ එලිය දෙන දීපයෙන්
ඔබ පමණයි චාරු දේවියේ

පෝය හදේ එළිය වගේ
ඔබ හිනැහෙන ආල හිතේ
රැයෙන් රැයට
හොර රහසෙන්
ඔබ ආ හැටි හීන දිගේ

කිරි වෙහෙරට මල් පුදලා
ඔබ එන විට සුදු ඇදලා
ඝණ දෙවියන් ලගදි තමයි
ආල හිතේ මල් පිපුනේ

මැණික් ගගේ රැලි කලතා
එන මුතු කැට කතා කලා
හද පසෙකින් ඔබට තමයි
කොයි දෙවිදුත් සෙත් පැතුවේ

සුභාශිතේ පර කියවා
මං පදනුත් විමසන දා
ඒ කවි කන් තුලම තමයි
ජීවිතයේ මග තිබුනේ

තිරුකුමරා පද පහදා
දිවි මග ඔබ හෙලිකල දා
ඒ අරුතෙහි ඔබම තමයි
ප්‍රේමය මට මුනගැහුනේ

දීප දීප දැල්වෙන මේ
දීපාවලි රාත්‍රියේ
හිතේ එලිය දෙන දීපයෙන්
ඔබ පමණයි චාරු දේවියේ

පෝය හදේ එළිය වගේ
ඔබ හිනැහෙන ආල හිතේ
රැයෙන් රැයට
හොර රහසෙන්
ඔබ ආ හැටි හීන දිගේ

written by Nilar N Cassim

dharshan thavaraja,#dharshan thavaraja,dharshan thavaraja tiktok,dharshan thavaraja song,darshan thavarajah,darshan thavarajah tiktok,darshan thavarajah shakthi tv,darshan thavarajah song,darshan thavaraga,ayashma thathsarani,deepawali,deepawali raa,deepavali,deepawali song,deepawali dance,dipawali,deepavali song,deepavali geet,deepavali songs,darshan,para dige,tv derana,hari tv,kiya denna adare tharam,agra tv youtube channel,sirasa tv

හීන රටේ | Heena Rate Kinnaraawi by Sahan Chamikara

සිහිනේ
සිහිනෙන් ආ මල් මාලතියේ
සොදුරේ නොසොතූ සේ ඇයි සිත් බැදූනේ

සැනකින් ආවත්
හීනයක් වී
ඔය හිත් මානේ මායාවක් සේ
මුමුනමින් ගී රෑ දවාලේ
ඉන්නවානම් සොදූරේ

හීන රටේ කින්නරාවී
මා ලගින්ම ඉන්නවා
ආලවන්ත ඇස් දෙකෙන් දැන්
කී කතාව දන්නවා
මේ යාමේ හැමදාමත්
පවතින්නයි මං පැතුවේ
මං ආසයි නවතින්න මේ හීනයේ
මං ආසයි නවතින්න මේ හීනයේ

සිහිනේ
සිහිනෙන් ආ මල් මාලතියේ
සොදුරේ නොසොතූ සේ ඇයි සිත් බැදූනේ

කුන්ඩසමන් මල් වසන්තේ
ආදරෙන්ම මත් වෙලා
ආ යහන් ඉමේ නිදද්දී
හාදුවක් දී හැන්ගුනා
මේ යාමේ හැමදාමත්
පවතින්නයි මං පැතුවේ
මං ආසයි නවතින්න මේ හීනයේ
මං ආසයි නවතින්න මේ හීනයේ

රහසින් ආවත්
හීනයක් වී
ඔය හිත් මානේ මායාවක් සේ
මුමුණමින් ගී
ර්‍රෑ දවාලේ
මල් දූවිල්ලේ ඉන්නම්
සැනකින් ආවත්
සිහිනයක් වී
මා හිත් මානේ මායවක් සේ
මුමුනමින් ගී රෑ දවාලේ
ඉන්නවානම් සොදුරේ

Written by Nilar N Cassim