සරෝජනි | Sarojani by Raini Charuka [2023]

හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනී
පැමිනිල්ලට ඔබත් එක්ක මං එන්නම් සරෝජනී
උසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනී
උබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී

සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී
සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
සරෝජනී සරෝජනී දුක බෙදාගනිමු සරෝජනී
සරෝජනී සරෝජනී හිත් මැරුණ අපේ සරෝජනී

ඔය පල්ලම් මකා ගන්න වත්සුණු මදි සරෝජනී
මගෙත් තිබුණ දැං මැකිලා කල් ගෙවුණා සරෝජනී
මගෙ හිමි නුඹ අරං ගියෙ හරි ඉහලින් සරෝජනී
ලෝකය නොදුටුව මගෙ දුක දැං නුඹ දන්නවා..

සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී

වහලක් යට නිරයක දුක විඳගෙන ආ දිග ගමනක්
නුඹ හිංදා නිමා උනා නුඹ දන්නෑ සරෝජනී
ඒ දුක දැං නුඹ විඳිනවා මම දන්නවා සරෝජනී
සැමියකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තෙ

සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී…

written by Manuranga Wijesekara

මතකද හැන්දෑවේ | Mathakada Handawe by Raini Charuka

අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

නීල කඳුගැටේ | Neela Kandu Gate by Raini Charuka ft. Gayan

නීල කඳුගැටේ
ගේන නිදහසේ
මතින් මත් උනා
කුලුඳුල් ආදරේ

තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ

නොදුටුව පෙම් ගංගා
නෙත් ඉවුරේ හංගා
මසිත කලඹනවා

ග්රීෂ්මයෙත් සුව කැන්දා
වසන්තයක් කර පින්නා
සිසිල ගෙන එනවා

එනවා

රන් තරු දිලේ
ඔය ඇස් වගේ
රන් කඳ මගේ
පිවිතුරු ආදරේ

ජීවන මගේ
පන නළ හදේ
සිත නළවනවා
පෙම් රස ආකරේ

පෙම් හැඟුම් මවනා
මල් සිනා දෙනවා

මිණි මුතු අගේ
නැත ඔබ වගේ
පෙම් කඳ මගේ
රන් දොර ආදරේ

චන්දන වගේ
සුවඳට ඔබේ
මන් මත් වෙනවා
සොඳුරුයි ජීවිතේ

පෙම් හැඟුම් මවනා
මල් සිනා දෙනවා

නීල කඳුගැටේ
ගේන නිදහසේ
මතින් මත් උනා
කුලුඳුල් ආදරේ

තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ

නොදුටුව පෙම් ගංගා
නෙත් ඉවුරේ හංගා
මසිත කලඹනවා

ග්රීෂ්මයෙත් සුව කැන්දා
වසන්තයක් කර පින්නා
සිසිල ගෙන එනවා
එනවා
එනවා
ටාන ටනනා

written by Rookantha Gunathilaka

raini charuka,rainicharuka,sinhalasongs,sinhala songs,charuka,sinhala hits,danena thuruma,tamil songs new,sinhala,wasanthayaka,sinhalamusic,kanchana anuradhi,dinesh gamage,hadisida manda,tharumini,mathakada,manuranga,songs,losliya mariyanesan boyfriend,dilki uresha,nuhuru,the voice teens sri lanka,lahiru perera,malwaram,srilanka,piyath rajapakse,tamil hits,ashanya premadasa,manda pama,dharshan thavaraja,diha,manuranga wijesekara,sindu,nethu,visik,sitha,umara

කළුවරට හිත බය | Kaluwarata Hitha Baya Hinda by Raini Charuka

කළුවරට හිත බය හින්දා …
ඔය පපුවෙ උණුහුම වින්දා …
ඇස් බැන්දු රෑ හීන පෙන්නා …
නුඹ මාව තුරුලටම ගත්තා …

නිකලැල් සිහින යායෙ…හසරැල් මෝදු වුයේ
ලැගුම් ගන්න මේ හදවතේ …
කඳුළැල් සිඳෙන හීනේ…මාගෙ නොවෙන දෑසේ
අන්දුරකද මං නැවතුනේ…

දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ …

නොදැනෙන දුරක නුඹ ළඟ
ආදරෙන් ආව …
නොසිතෙනා ලෙසට එක් වුන
ආදරේ සුව දෙන …

නිකලැල් සිහින යායෙ…හසරැල් මෝදු වුයේ
ලැගුම් ගන්න මේ හදවතේ
කඳුළැල් සිඳෙන හීනේ… මාගෙන් නොයන දෑසේ
අන්දුරකද මං නැවතුනේ…

දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ …

විසිරෙනා සිහින එක් කොට
මාලිගා තැනුව…
අපි නමින් අන්ද සිතුවම
මතකයකි හැම දින …

දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ

දැනෙනවානම් … ඉන්නවානම් …
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවානම් … පෙනෙනවානම් …
අපට දුර යන්න හැකි ප්‍රේමයේ

මල්වාරම් | Malwaram by Raini Charuka

මල්වාරම් ගයමි, හිත නිවමින්, මදහාස නගමින්
ආගන්තුක සෙනෙහෙන්, නෙතු සලමින්, බොරු හේතු කියමින්
ආසයි පෙර වාගේ, ඔය තුරුලේ, නැලවෙන්න රහසේ
දෑසින් ළංවුයේ, ඇයි මෙතරම්, වෙන්වෙන්න නම්

නිදි නැති රැය බොඳ වීලා
උණු කඳුළක නෙත සතපාලා
ආදරවන්තිය හඬවා, දුර ගිහින් හිත පාවෙලා
මුළු හද ගිනිගණ් පුපුරාලා
මට බය හෙට පායන හිරු නිසා
හිනැහෙන මතකේ දල්වාලා
සිහිනයෙන් වෙන්වෙලා

මුදු හසරැලි ශීත යායේ
මුතු කුඩ යට උන්නු කාලේ
කිසිදා හැර යන්නේ නෑ කීවේ ඔබමද සංසාරේ
හිස මත ඔය අත තියා මා සනසලා දිවුරාලා හිමිහිට
කීදේ අද බොඳ වෙලා, මා තනිවෙලා සුසුම් වෙතින්

නිදි නැති රැය බොඳ වීලා…

සායම්කළ දෑස මානේ
මායම් නැති හීන ගානේ
බෝසත් හිමිකම පාවීලා යන්නේ කොහේදෝ සඳ යාමේ
හිත රස ඇති පැන් සොයා එය උදුරලා පියඹා දුරකට
සමනල පෙති අග ලියු සංවේදනා ඔබේ නමින්

නිදි නැති රැය බොඳ වීලා…

මල්වාරම් ගයමි, හිත නිවමින්, මදහාස නගමින් …

නිදි නැති රැය බොඳ වීලා…

විසික්කෙරුව සිත | Wisikkeruwa Sitha by Raini Charuka

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා, දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වෙයි
රැඳුණොත් ඔබ මා හා, ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා, ඉමු සැමදා

මට සිළුටුයි සිත එය පාරන්න එපා
පෙම් ගඟ කළඹා බොර කරලන්න එපා
විසිතුරු මල් දැකලා, කලබල වෙන්න එපා
මා පමණයි ඔබ ළඟ ඉන්නේ සැමදා

පිවිතුරු සෙනෙහේ පමණින් මනිනු එපා
ලස්සන ලෝකය වරදින් දකිනු එපා
හිඳිනට සෙනෙහේ සිතින්, විඳිනට සුවේ ඉතින්
මා පමණයි ඔබ ළඟ ඉන්නේ සැමදා

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා, දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වෙයි
රැඳුණොත් ඔබ මා හා, ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා, ඉමු සැමදා

චංචල දෑසේ | Chanchala Dase by Raini Charuka ft. Raj

චංචල දෑසේ මායා
ඉස්සර වාගේ පාලා
ඉන්නට ආයේ මා හා
ආදරේ දීලා
මල් වගේ සිනහා ගේනා
මුදු හාදු වෑහේනා
නින්දෙදි සනසාලා
හීන සාදනා

ඊයේ වාගේ
මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා
නුඹ එයිදෝ පායාලා

නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවා
නිල්වන් නෙතු යන්තම් ළඟ දැන්නම් නැතුවා
පාට සේද සේල ගෙන ආ ඔයා
නාවදාක හීන පාලු වී ගියා

ඊයේ වාගේ
මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා
නුඹ එයිදෝ පායාලා

සන්සුන් නැති සිත්නම් මගේ ඉක්මන් වෙනවා
ළං ළං වෙනු ඇත්දැයි යළි පෙම්බස් දොඩනා
නෑසු ගීත සීත රෑක ගී කියා
කෝල දෑස ලෝල වේවි මා පෙළා

ඊයේ වාගේ
මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා
නුඹ එයිදෝ පායාලා

චංචල දෑසේ මායා
ඉස්සර වාගේ පාලා
ඉන්නට ආයේ මා හා
ආදරේ දීලා
මල් වගේ සිනහා ගේනා
මුදු හාදු වෑහේනා
නින්දෙදි සනසාලා
හීන සාදනා

ඊයේ වාගේ
මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා
නුඹ එයිදෝ පායාලා

තරුමිනි ඔච්චම් | Tharumini Ochcham by Chinthy ft. Raini Charuka

තරුමිනි ඔච්චම් පාවි දැන්
හදවත වත්තම් වෙවී ආදරෙන්
මේ හැගුම්.. වේවි..
සිතුවිලි සිත්තම් පැවිල
ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්
වී ලැගුම්.. රෑවි

නැතුවට සලු පිලි මුතු රන් මිනි
පෙම පණ වැනි
මානම් ආශා ‍යාවෙන් මා හා
රෑ හීනෙන් ප්‍රෙමෙන් ආවා
කිසි පල නැති ළොව ඔබ නැති
පෙම පණ වැනි
මානම් ආශා ‍යාවෙන් මා හා
රෑ හීනෙන් ප්‍රෙමෙන් නහාවා..

තරුමිනි ඔච්චම් පාවි දැන්
හදවත වත්තම් වෙවී ආදරෙන්
මේ හැගුම්.. වේවි..
සිතුවිලි සිත්තම් පැවිල
ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්
වී ලැගුම්.. රෑවි

බැදෙන්න ලගින්ම, ආ දා
සුපෙම්ව නිදන්න දෝ දෑතේ ගෑවිලා
පාවී දෑස මා හා..
වසන්තෙ තුරුල්ව ආවා
ළගින්ම රෑදෙන්නකො සීමා නෑ කියා
‍යාවි මාගේ ලොකේ හා..

නැතුවට සලු පිලි මුතු රන් මිනි
පෙම පණ වැනි
මානම් ආශා ‍යාවෙන් මා හා
රෑ හීනෙන් ප්‍රෙමෙන් ආවා
කිසි පල නැති ළොව ඔබ නැති
පෙම පණ වැනි
මානම් ආශා ‍යාවෙන් මා හා
රෑ හීනෙන් ප්‍රෙමෙන් නහාවා..

කෝඩු කාලේ ආදරේම එක්කා
කොඩු කාලේ මාගේ ආලේ දැක්කා
ආදරේට ජීවිතේම වික්කා
මන් දැන් ලොක්කා..

තාර පාරේ තුන්ඩු කෑලි දුන්නා
වේලි වේලි හන්දි ගානේ උන්නා,
මන් එක්ක පෙම් කතන්දරේ දැම්මා පත්තරේ
ගම හැම තැන ගිනි තියලා..
කෑලි කෑලි තුන්ඩු කෑලි දම්මා
තෝර තෝර ඉන්න හීන දන්නා
ළන් වෙන්න දැක්ක තප්පරේ දුන්නා උත්තරේ
හද ඉපිලෙන සුව දැනිලා

තරුමිනි ඔච්චම් පාවි දැන්
හදවත වත්තම් වෙවී ආදරෙන්
මේ හැගුම්.. වේවි..
සිතුවිලි සිත්තම් පාවිල
ඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්
වී ලැගුම්.. රෑවි

හදවත කීරි ගසයි | Hadawatha Keeri Gasai by Jaya Sri ft. Raini Charuka [2020]

හදවත කීරි ගසයි අද මාගේ
අමතක නෑ මතකයි අද වාගේ
කාටත් රහසින් ඒ හදපානේ
දවසක් උන්නා අපි හන්තානේ

හදවත කීරි ගසයි අද මාගේ
හිරිගඩු පිපුනා මොහොතක් ගානේ
දවසක් රහසින් ඒ හදපානේ
තනිවී උන්නේ ඒ හුම්මානේ

ලංවෙලා කිව්කතා
රහසේ කොදුරලා
ආදරේ පීරලා
ඔබගෙන් මත් වෙලා
අහසේ රෑ පුරා
තරූ ඇහැරිලා
නොබලා ඒ දිහා
නොසැලී පෙම් කලා

මනමාලකමයි කදිමයි
මා වෙලා මං මුලා
දුර ඈත ගියා නොකියා
සිත මා නුඹ ලග තියා
ඉවසන්න තවත් මට බෑ වෙන්වෙලා
දගකාර නුඹයි නුඹමයි මට ඕනා

හදවත කීරි ගසයි අද මාගේ
අමතක නෑ මතකයි අද වාගේ
කාටත් රහසින් ඒ හදපානේ
දවසක් උන්නා අපි හන්තානේ

මගේ වෙලා උන් එදා
දෑසේ කී කතා
රැදිලා සිත් පුරා
වින්දා රෑදිවා
පෙම් වැසී වස්සලා
දෙන්නාත් එක්කලා
නොසිතා ඒ දිහා
නොසැලී පෙම් කලා

සැනසිල්ල නුඹයි නුඹමයි
ඒ නිසා ලංවෙලා
ඔය ලීලේ මටයි මටමයි
ඒ හින්දාමයි ගැලපිලා
තව ඉන්න බයයි ආසයි ලංවෙලා
සබකෝල ගොඩයි බෝමයි
තනිවීලා

හදවත කීරි ගසයි අද මාගේ
අමතක නෑ මතකයි අද වාගේ
කාටත් රහසින් ඒ හදපානේ
දවසක් උන්නා අපි හන්තානේ

ලංවෙලා කිව්කතා
රහසේ කොදුරලා
ආදරේ පීරලා
ඔබගෙන් මත් වෙලා
අහසේ රෑ පුරා
තරූ ඇහැරිලා
නොබලා ඒ දිහා
නොසැලී පෙම් කලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

පහසක් | Pahasak by Raini Charuka ft. POP PUNK [2020]

හීන පේන තුන් යාමේ
මන්දහාස රැදී මා හා
ඔබෙ අදරේ සොයන මා

වින්ද ආලේ මිහිරි මා
නින්ද නෑ මේ රෑ මා හා
ඔබේ පහසක් සොයන මා

ඔබගේ දෑස මානේ
තවමත් ඉන්න ඕනේ
සිහිනෙන් ඇවිද යාමේ
ලං වෙන්නකො ආයේ

නවතී ඔබගේ මානේ
නැවතත් හාදු ඕනේ
විදගන්නව නම් ආයේ
දෙන්නම් මාගේ ප්‍රානේ

මා ගෙවූ චාරිකා
හදවතේ මැවෙනවා
දොර කවුලුවත් හැර දමා
මග බලා හින්දිනවා

හදගැස්ම මා හා පෑහේ නම්
මුළු රැයම සුවදින් සරසන්නම්
සිහිනෙම ඔබ හා සැනසෙන්නම්
අද රෑම ඔබ හා මියැදෙන්නම්

පෙම් සිහින නොමැරෙන යලි ආයේ
පෙම් සිහින කුමරියයි ඔබ අද මාගේ
පෙම් සිහින නොමැරෙන යලි ආයේ
පෙම් සිහින කුමරියයි ඔබ අද මාගේ

හීන පේන තුන් යාමේ
මන්දහාස රැදී මා හා
ඔබෙ අදරේ සොයන මා

වින්ද ආලේ මිහිරි මා
නින්ද නෑ මේ රෑ මා හා
ඔබේ පහසක් සොයන මා

හීන පේන තුන් යාමේ
මන්දහාස රැදී මා හා

නැවතත් හාදු ඕනේ
විදගන්නව නම් ආයේ
දෙන්නම් මාගේ ප්‍රානේ