මගේ පුංචි දුවේ | Mage Punchi Duwe by Rookantha & Windy

සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේ
ඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේ
ගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේ
අපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ

අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මං
අක්කා එක්ක ගෙදර නිතර රණ්ඩු වුණා මං
ආච්චි අදත් එදා වගේ ළඟ හිටියානම්
එයා තමයි මෙතන අඩුව මට දැනෙන්නේ නම්

කොහේ ගියත් මගේ පුතා හොඳින් ඉන්නකෝ
ඔබේ සැමියා ආදරයෙන් බලාගන්නකෝ
හොඳ දරුවන් හදා වඩා ලොවට දෙන්නකෝ
දෙවියන්ගේ කරුණාවෙන් ජය ලබන්නකෝ

ළඟ නැතුවත් අම්මාගේ චූටි පුතා මං
අම්මයි තාත්තායි ඇස් දෙක වාගෙයි මටනම්
වයස ගියත් බැරි ගැහුණත් ළඟ ඉන්නවා මං
තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං

written by Rookantha Gunathilaka

රෑ තාරකාවෝ | Ra Tharakawo by Clarence Wijewardena

රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා

කඳුළැල් සලාලා නොහඬන් ළඳේ
මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
ආශා විශාලයි ඉවසීම හීනයි
දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ
රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා

රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා

හඳුනන්නෙදෝ ඔබ මාගේ සෙනේ
ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
හදවත කොනේ මා කඳුළක් තියෙනවා
කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ
රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා

written by Rookantha Gunathilaka

ඔබ ළඟ නැති | Oba Langa Nathi Me by Rookantha Gunathilaka

ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ

රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි තෙමුණා

විළඳ පොරි ඉහලා
අපට සුබ පැතුවා
අසිරි හඬ දීලා
මංගලම් කීවා
සුවඳින් පිරී හසරැල් ඔබේ
මගෙ මුවගට ළංවූවා
ඔය රුව මගෙ නෙතු දුටුවා

ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ

සඳ කිරණ වැදිලා
මල් සුවඳ දැනිලා
පිණි දහඩිය වැටිලා
ඔබෙ මුහුණ දිලිලා
ඔබ හා මෙ මා දෙදෙනෙක් කියා
සිතුවා ඉවරයි සිතුණා
රැය පහන් කලා දෙදෙනා

ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ

රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි තෙමුණා

නොසිඳෙනා | Nosidena by Rookantha Gunathilaka

නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි
නොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පත
රන් හදවත මගේ තමයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි

වචන දෙකේ පෙම් හසුනේ ඔබ ඇලවී
මුහුණු පොතේ skype දැලේ ඔබ පැටලී
සැමදා පල නැත තැන තැන සිරවී
ලයටම එනු මැන ඔබ සෙනෙහස දී
ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා.. වෙනවා

සිහින ලොවේ තරු අතරේ ඔබ හිටියේ
වැලි කතරේ ක්ෂේම බිමේ ඔබ දුටුවේ
මල් ගොමුවේ සුවඳ වගේ මට දැනුනේ
දුක නොබලා නුරම සොයා එන්න සඳේ

නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි
නොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පත
රන් හදවත මගේ තමයි
නොසිඳෙනා පෙම් උල්පත මගේ ළඟයි

ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා
ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා

නිල් මිණි දෙනෙතේ | Nilmini Denethe by Rookantha Gunathilaka

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

මේ දිවි ගමන දුරයි
සතුටයි නිරන්තරේ
රන් මුතු වරුසා වැහැලා මිණි දෙහදේ
ලොව කුළු නැගෙන්න අහසේ
තරු පෙලගැහෙන්න රහසේ
මගෙ හිත හඳුණාගෙන ආවා සුහදේ..

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

විශ්වය මනෝහරයි
අපෙ ආදරෙ හැඟුම්බරයි
ඉර හඳ දේදුණු දිලෙන්නෙ අපට තමයි
සිසිලක් සදන්න දිවියේ
ළංවී හිඳින්න සසරේ
මගෙ දිවි ගමනේ සෙවණැල්ලත් ඔබමයි..

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ..

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

රෑ පුරා | Ra Pura Penena Nisa by Rookantha Gunathilaka

රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා හාදුවක් එවනවා
ඊයේ වාගේ රණ්ඩු වෙන් නෑනේ
හිත රිදුණා කියලා කහටක් නම් නෑනේ

රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා හාදුවක් එවනවා
ඊයේ වාගේ රණ්ඩු වෙන් නෑනේ
හිත රිදුණා කියලා කහටක් නම් නෑනේ

හුරතල් කෙරුවා මට නම් මදි වාගේ
තුරුලේ ඉඳලා ආදරේමයි කීවේ
රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවා

නාගේ කවුදෝ කොයිදෝ ඉඳලාවේ
නොකියා ඇවිදින් ඇස් දෙකේමයි උන්නේ

රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා හාදුවක් එවනවා
ඊයේ වාගේ රණ්ඩු වෙන් නෑනේ
හිත රිදුණා කියලා කහටක් නම් නෑනේ

රන් මාලයක් | Ran Maalayak by Rookantha Gunathilaka

රන් මාලයක් ගෙනල්ලා ඔබගේ ගෙලේ පළඳලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා
සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා

දෙමව්පියන්ගෙන් වෙන් වී යන දිනය අදයි
අපේම පුංචි කැදැල්ලේ තනිවෙන්න ළඟයි
අතීතයේ සුබ සිහිනේ ඉටුවෙන දවසයි
මෙලෝ වසනතුරු මා හදවත ඔබේ ලඟයි
ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා
සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා

නෑදෑ මිතුරන් අපගේ අද එකතු වෙලා
ආසිරි වරුසා පතලා අප සතුටු කළා
අදින් පසුව දිවි ගමනේ යමු අපි දෙදෙනා
දුකයි සැපයි එක සේ මිහිරියි හොඳයි කියා

රන් මාලයක් ගෙනල්ලා ඔබගේ ගෙලේ පළඳලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා
සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා

රන් පලසේ | Ran Palase by Rookantha Gunathilaka

රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අප තනිවුනු මොහොතේදී
ජීවිතේම සිහිනෙකයැයි සිතුනා

ආදරයේ ඒ කුටියේ
රන් පහනේ එලියේ
මා දුටුවේ රන් දහරේ
දෙවු අඟනයි කුමරී

රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අප තනිවුනු මොහොතේදී
ජීවිතේම සිහිනෙකයැයි සිතුනා

කුමරුනේ මගෙ හදවත ලඟ ඇත
සිත ඔබේ රැඳිලා
කුසුමියේ ඔබෙ රොන් පිරි සුවඳට
සිත බිඟුන් බැඳිලා
අද රෑට පායනා සඳුන් මගේ
රොන් බිඟුන් ඇදෙන්නපා මෙහේ

රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අප තනිවුනු මොහොතේදී
ජීවිතේම සිහිනෙකයැයි සිතුනා

සැදෑ පහන් | Sada Pahan by Rookantha Gunathilaka

සැදෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුනා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

සැදෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුනා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

දෑස පේන මානයේ පවා
නෑ මිනිස් හඩක් ඇහෙන්නේ නෑ
ආදරේ සුරංගනා රැයේ
ජීවිතේ පාට මේ අහස් තලේ
ඔබේ රෝස පාට කම්මුලේ

සැදෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුනා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

ප්‍රේම සීත කල්පනා ලොවේ
ස්වර්ණ වර්ණ මාලිගා මැවේ
එන්න යන්න ඒ විමන් කරා
ඩිංග ඩිංග මා අතේ එතී
නොනිදා නිදා ඔබේ නුවන්
අඩවන්ව ලංවෙමින් හිදී

සැදෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුනා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

සඳ බැස ගිය | Sanda Basa Giya Thana by Rookantha Gunathilaka

සඳ බැස ගිය තැන නෑ හිරු බැස ගිය තැන නෑ
රළ බැස ගිය තැන නෑ මහ සයුරේ
හිනැහුණු දවසක් නෑ සැනසුණු දවසක් නෑ
නැළවුණු දවසක් නෑ
මගේ ලොවේ

හෙට හමුවෙමුද අපි
හෙට සැනසෙමුද අපි
හෙට නැළවෙමුද අපි
හිතවතියේ
අද හමුවෙමුද අපි
අද සැනසෙමුද අපි
අද නැළවෙමුද අපි
පෙම් සයුරේ

මා ඔබ දන්නා තරම් ඔබ මා හඳුනන්නේ නෑ
මා දෙස නොබැලුවත් තරහා නැතේ
ඔබ දුටු දිනේ පටන් ඔබ පැයේ පටන්
මගේ හද වත පතුලේ හැඟුම් පුබුදුනේ

සඳ බැස ගිය තැන නෑ හිරු බැස ගිය තැන නෑ
රළ බැස ගිය තැන නෑ මහ සයුරේ
හිනැහුණු දවසක් නෑ සැනසුණු දවසක් නෑ
නැළවුණු දවසක් නෑ
මගේ ලොවේ