ප්‍රේම මුද්‍රාව | Prema Mudrawa by Ishan H ft. Tharindu Damsara

බමන තුරුපත් සෙලවුණත්
මදනලක් හා නැලවුණත්
නොයයි සියොතුන් වළාකුළු විත්
සුළඟ සැඩයැයි නම් කළත්
ඇය නොඑන බව සැළවුණත්
රතු රෝස මල් මැළවුණත්
අප්‍රකාශිත බලා හිඳුමකි
ප්‍රේමයක් යැයි නම් නොලත්

ගුහාගත සිත වන වැදී සැඟවී
අවර්ණව මල් පෙති හැලෙයි හළුවී
අන්ධකාරෙක දෙනෙත් නොහැරම
අන්ධකාරෙට ඉඩ හරින ලද
මේ ශෝක නිද්‍රාවයි

ශිලාවක සටහනක් මෙන් ලියැවී
හුදෙකලා ආවර්ජනා පෙලකී
තනිව සරනා සිතක මුමුණන
ඇය නිසාවෙන් සිහින අමුණන
මේ ප්‍රේම මුද්‍රාවයි

written by Ruhunuketha Dhammadewa

tharindu damsara,tharindu,damsara,ithin a hamadema,sinhala songs,hansi sandamali,chamara,ruhunuketha dammadewa,new sinhala songs,numba nomathi dihawaka,dasa hari kansiyen,sasthara,sadakalika premayknam,thiyunuwan prabuddika,sadakalika,nadisha liyanarachchi,hithalu,ridmila mendis,kontha tharueli,lanka dilrukshi,lihiniyo,wara mala,sri lanka,dhammadewa,kasun kalhara,romeo,sanjula himala,kalpana kavindi,awileema,mandodari,ruhunuketha

වංකගිරි | Wankagiri Gamana by Tharindu Damsara ft. Kalpana

අහම්බෙන් හමුවුවත් විසිරෙන්න කල් ගණින
ආලයේ දින පොතකි පෑන් තුඩකින් අනින
අපේ යැයි හැගෙන මුත් තනි තනි ව පියමණින
වංක ගිරි ගමනක්‍ ය මග වෙනස් වෙන සැනින

සුසුම් පොදි සුළඟක් ව යයි පාව පාව
සිහිවටන කඳු මුදුනේ හිත ගාව ගාව
නුඹ සොයනු දැනුන මුත් නැවත යලි නාව
නුඹ පැමිණි දා ඉදන් මම හොයන මාව

වාරෙටත් මල් නේන වසන්තය ගාව
හැරීයන පියාපත් පෙරාතුව ආව
දේදුන්න මකෙද්දිත් පාට අපි ගෑව
සිහිකරමි ඔබ තුළ ම පෙර සිටිය ඈව

written by Ruhunuketha Dhammadewa Thero

tharindu damsara,kalpana kavindi,romeo (feat. kalpana kavindi),tharindu,shalika dissanayake,wankagiri gamana,kavindi,damsara,kalpana,gayashan weerawansha,himala,sanjula himala,wasagena nethu,kandy lake,the flame of love,dissanayake,shalika,numbata wadiyen,sri lanka,robarosiyan,deepathi jayasooriya,sinhala songs,kavin harshana,new songs,3rd eye cinema,reazon records,kandy,sanjula,gayashan,number lengathu,the night without her,weerawansha