මල් වරුසා | Mal Warusa by Shan M & Malmi ft. Aki Vish [2020]

මල් වරුසා පරදනා
නුඹේ දෑසින් පෑ සිනා
රතු දෙතොලින් කී කතා
මතකේ සේයා වෙලා

රෑ සිහිනෙන් ලංවෙනා
නෙතු මානේ පායනා
සිතුවිලි විල කලඹනා
නුඹ කවුදෝ නොහැඟෙනා

කෙහෙරැලි පවා සුළඟින් ඉඟිබිඟි කලා මට රහසින්
දෑඟිලි කතා හොරැහින් පැවසුවා මට නුඹගේ සුසුමන්
සඳ තරමට සීරුවෙන් සිත නිවා මදහාසයෙන්
මුව පුරා හසරැලි මවන් මගෙ සියොළඟ කිතිකවන්

නෙතු කැන් නොතෙමා කඳුලින් ළඟ දැවටී සැනසෙමින්
දැනෙනා සොඳුරු හැඟුමන් මගෙ හදවත මැද සිරකරන්
පියමං කල මාවතේ සිත නවතා අනුරාගයෙන්
පවසන් ඒ ආදරේ නොම සඟවා නුඹෙ මුවින්

මල් වරුසා පරදනා
නුඹෙ දෑසින් පෑ සිනා
මට රහසින් කී කතා
මතකේ සේයා වෙලා

written by Malmi Kavindi

හේශාවරී | Heshawari by Aki Vish ft. Shan M [2020]

යන එන මග සරමින් ලත වෙද්දි
නුඹ ගැන හිතනා හිත වෙන් නෑ දැන් මෙල්ල
හේශාවරී
ඉඳ හිට මග තොට හමුවෙද්දි
නාඹර හිත ගැස්සීලා නුබ කලතන්නා
හේශාවරී

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

කැරලි වූ පෙම් කියඹු වැල
නුරා දෙනෙතේ හැඟුම් කැල
පිබිදුවා පිබිදුණා
නුඹ ගැන පැතූ පෙම

නුඹ තියා මං තරුවක ම
හැඩ බලා හැම රැයකදි ම
සැනසුවා සැනසුනා
මන බැඳි හැඟුම් පෙම

ඕ මා හිතවතියේ
නුඹ දැක මා හද සැලුනේ
හුරුපුරුදුයි පෙර සසරේ
හිත පතුලේ නුඹ ඇඳුණේ

මේ දෑල දෙනුවන තෙමා
නුඹ දුරක නොයන්න මගෙන්
හිරු මැකුණු රැයේදි පවා
මං විඳිමි උණුහුම නුඹේ

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා
නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

දෑසින් මීන කැල්මන් පා
මායම් රෑනේ මා වෙලා
ගැස්සී මා හිත මත්වීලා
උන්මාදී හැඟුමන් තවරා

දෑසින් මීන කැල්මන් පා
මායම් රෑනේ මා වෙලා
ගැස්සී මා හිත මත්වීලා
උන්මාදී හැඟුමන් තවරා

යෞවනියේ සැනසිල්ලේ සරනා
පෙම්වතියේ නුබමයි මා පතනා
පරදා මා නිවනා
රස සත්සරේ වීනාවී

සන්තානේ සීමා බිඳි පැතුමක්
මා හා ළංවී සිටි හුන් වරුවක්
දැනූනා මා වින්දා
රස සත්සරේ වීනාවී
ඕ කෙල්ලේ
හුස්මක් වාගේ මා හා බැඳි
හිත අවුලුවානා හීයත් නුඹ වී
නෙත් දෑලේ
ඉඟි වස්සාන පෙම් හැඩකාරී
මා උමතුයී තහනම් පෙම් මායාවී

aki vish hegoda,sinhala songs,sinhala new song,shan madushan,aki vish,sinhala cover songs,edm new song,rewind studio,dinesh kanagarathnam,shan madhushan,rewind studios,nalla paatu sri lankan cover,alpha gang,sinhala rap,akila hegoda,anushka udana,shan m,rewind studioz,akhtar jamaldeen,sansariye,sri lanka,nalla paatu sinhala cover version,chanux bro,sansaariye,oya langin,lyric video,lyrics video,nethu nonida re adure,shan,songs,rewind,nuwara

මං ගාවින් | Man Gavin by Shan M & Malmi Kavindi [2022]

මං ගාවින් නුඹ තියා හරි ආදරෙන් දැවටිලා
නෙතු මානයේ සිරවෙලා සිපගන්නෙමී මුව පුරා
සිත් ආකහේ පායනා තරු නෙත් නුඹේ හිනැහෙනා
දඟකාරියේ ඔය කතා සැනෙකින් නිවාලමී මා

නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා තුරුලේ නැවතිලා
නෑසිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා නැවතී තුරුලේ ඉමි හැමදා

පිණි වෑහෙනා මන්දාරමේ හසරැලි මුවඟේ රන්දා
මල් විසිරෙනා මේ මාවතේ යමු අපි දෑතින් අල්ලා
ඉඩ දෙන්නම් දෙතොලතරේ මායම් හැඟුමන් තවරා
මුමුණන්නම් ඔය තුරුලේ මා නැවතී සුසුමන් සඟවා

නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා නැවතී තුරුලේ ඉමි හැමදා

මන බන්දනා දඟකාරියේ කෙහෙරැල්ලේ මල් ගවසා
ඉඟි රූ රටා ඔය දෙකොපුලේ සැරසී රහසේ උන්නා
තනිවෙන්නම් රෑ සිහිනේ යාවී හැඟුමන් පවසා
සිපගන්නම් මා වස්සානයේ තනිවී නුඹගේ සේයා

නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා තුරුලේ නැවතිලා
නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා නැවතී තුරුලේ ඉමි හැමදා

written by Malmi Kavindi

sinhala trending song,sinhala wedding songs,sinhala best songs,#kanchanaanuradha,shan m music,vini production,man gavin,kanchana anuradhi,hadunada riduna hitha mage,shan madushan,classic songs,shan madhushan,allan yanna bari athak,#mangavin,new songs,charitha attalage,love songs,wasthi productions,sinhala rap,#onemillion,dewani inima,#weddingsong,malmi,#dineshgamage,anushka udana,rewind studio,sinhala fastest rapper,#nadagamkarayo,shan m