මල් වරුසා | Mal Warusa by Shan M & Malmi ft. Aki Vish [2020]

Sinhala song lyrics with music notes illustration

මල් වරුසා පරදනා
නුඹේ දෑසින් පෑ සිනා
රතු දෙතොලින් කී කතා
මතකේ සේයා වෙලා

රෑ සිහිනෙන් ලංවෙනා
නෙතු මානේ පායනා
සිතුවිලි විල කලඹනා
නුඹ කවුදෝ නොහැඟෙනා

කෙහෙරැලි පවා සුළඟින් ඉඟිබිඟි කලා මට රහසින්
දෑඟිලි කතා හොරැහින් පැවසුවා මට නුඹගේ සුසුමන්
සඳ තරමට සීරුවෙන් සිත නිවා මදහාසයෙන්
මුව පුරා හසරැලි මවන් මගෙ සියොළඟ කිතිකවන්

නෙතු කැන් නොතෙමා කඳුලින් ළඟ දැවටී සැනසෙමින්
දැනෙනා සොඳුරු හැඟුමන් මගෙ හදවත මැද සිරකරන්
පියමං කල මාවතේ සිත නවතා අනුරාගයෙන්
පවසන් ඒ ආදරේ නොම සඟවා නුඹෙ මුවින්

මල් වරුසා පරදනා
නුඹෙ දෑසින් පෑ සිනා
මට රහසින් කී කතා
මතකේ සේයා වෙලා

written by Malmi Kavindi

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply