Sinhala song lyrics with music notes illustration

හැමදාම අලුත් දවසක් කරන් මේ ලෝකේ
හොඳයි කියා හැමදේම හිතන්නයි මට ඕනේ
කලුවර වළාකුලේ රිදී ඉරි හොයන්න
ඒවා එකතු කරන් මගේ කතාව ලියන්න
හිනාවෙන්නයි මට ඕනි
වෙනස් කරන්නේ කෝණේ
බලන්න දිහා ලෝකේ
හිනාවත් එක්ක ශෝකේ
පුදුමයි ජීවිතේ
විඳින්නයි ඕනේ
තරඟයක් මම දැන් යන ගමන පැහැදිලි
තාමත් මතකයන් එක්ක තැවෙන් නෑ දැන් රැවටිලි
මොන තරම් ලෝකේ බාධක
යන්නේ ඇති පාරක
කළුවර පාරක එළියක් හොයන් මම හොයන්නේ
අලුත් ගමනක් පටන් ගන්න එන්න
හීනත් එක්ක පාවී දුරට යන්න
ලැබෙන්නේ එක වතාවයි තීරණ ගන්න
හිනාවෙලා බාධක මැද්දෙන් හීනෙට යන්න

මගේ ආශ්වාදේ හඬ මට ඇහුනා
ලොව සිනාවේවී සිටි බව දුටුවා
ගගනගාමියෙකු හඳ මත මා
පය තැබූ සිහිනේ ඇස් බැන්දූ
මගේ පියාසැරියේ කාලේ අහසේ රැන්දූ

සීතල රෑ මගේ ලෝකෙ පියඹන්
වේදනාව නිමවෙන්නේ නැති නම්
දරාගන්න හිතුවා මන් මෙතරම්
හිනැහෙන්න ඕනි මට වේදනාව පරදන්
හැමදේම වෙන්නේ හොඳකටයි ඒත්
හැමදේම අපිටමයි වෙන්නේ හැමදේ
ගතවෙන්නේ දින ජීවිතේ
එක දවසක මේ හැමදේම නිමවේ
අමතක කළා මන්
නපුරු මතක එක පෙළට අතුරන් යේ
සතුට ගැන හිතුව මන්
හොඳ දවසක් ඒවි කියා සිතේ අදනම්
සඳ නැති රෑ
දහස් ගනන් තරු තිබුණට ඵල නෑ
අහසක සිත තනිවෙන මේ රෑ
විඳවීම ගැන කවි ලියනවා තව සිතුවිලි නෑ

මගේ ආශ්වාදේ හඬ මට ඇහුනා
ලොව සිනාවේවී සිටි බව දුටුවා
ගගනගාමියෙකු හඳ මත මා
පය තැබූ සිහිනේ ඇස් බැන්දූ
මගේ පියාසැරියේ කාලේ අහසේ රැන්දූ

written by Tikx Kooda, Dewdu H Karunarathne, Oneesha & OOSeven

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply