බුදු බණ | Budubana by King Lotuss ft. Harry Harsh [2021]

Sinhala song lyrics with music notes illustration

චණ්ඩ මාරුතයේ
නාවිකය ඔහු පදවනා
පාප ලෝ තලයේ
සියලු කෙලෙසුන් පරදලා
ඇයිද සමිදුන්නේ
අප සැමා මෙහි ඉපදිලා
කෙලෙස් පුරවන්නේ
කඳුලු අතරින් හිනැහිලා

සමිදානනේ මා හට අවසර ගයන්න ගායනාව
ලද දෙයක් නෑ අතහැර ඇත්ත මිසක් භාවනාව
කිමද මා මෙහිම ඉපිද ඉපිද මියයමින් නැවත ඉපදෙමින් දිවි ගෙවන කාරණාව

සසර කෙටි වීමට ධනය අදි සිවුරුයි
වසර නොව කල්ප ගගනින් බැද පවුරුයි
පොත් වල තියෙන බුදුදහම කෝ අද හිත්වල තිබුණෙ රත්වුනු දේ අදුරූ

මට කියන්න අපහට වැරදුනෙ මොනවද
දැනුනිද මෙහි මිනිස්සු තැවෙන පිළිබඳ
දුකට පත් වු මිසෙක සතුටින් සිටින විටෙක අද උන්ට බුදුබන සිහිවෙනවද

දාහක් ලෙස පවසන හිමියන් ඇත මෙහි
පන්සලට වෛශ්‍යාවන් ඇයිද එන්නෙ මැදියමෙ
සාසනේද ධර්මයාද ලෝකයාම අපි නැහෙයි
ශ්‍රී සමන් දෙවියන් සූදානම්ද හිමියනේ

ආදරේ බහුලයි සමාජෙ මෛත්‍රී කරුණා විරලයි
තවත් පිරිසකට බුදුබනනම් පරණයි
සමිදුනෙ මට ඇති මෙ ඉපදීමයි මරණයි
අද මං වැරදි ඇති ඒත් කියමි බුදුසරණයි

ඇයිද බුදුසමිදුනි අප සැම මෙහි ඉපදිලා
දුකක පැටලිලා
සතුටෙන් ඇත මෙමා
යනුවෙන් වැටහිලා
එනදිනක් නැතිද සසරෙන් නැවතිලා

චණඩ මාරුතයේ
නාවිකය ඔහු පදවනා
පාප ලෝ තලයේ
සියලු කෙලෙසුන් පරදනා
ඇයිද සමිදුන්නේ
අප සැමා මෙහි ඉපදිලා
කෙලෙස් පුරවන්නේ
කඳුලු අතරින් හිනැහිලා

written by King Lotuss

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply