උණුහුම 3 | Unuhuma 3 by Tehan Perera [2016]

නාඳුනනා සුභ හීනේ
සුව මැව්ව සුරඟන නුඹදෝ
හාද වෙලා මල් වාරේ
වස්සාන උණුහුම මගෙදෝ
මගේ වාගේ දැනුනා

නෙතු වින්ද මොහොතේ හා
භව ගානක් රැඳුනා
එක හීනයක මා
පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා
මම රකිනවා පන සදා

දෑස අයා ළඟ ඉන්නම්
පිළිගන්න මාගේ සෙනෙහේ
ආල පුරමි මං කවදත්
අදහන්න බැරි වන තරමේ
මගේ වාගේ දැනුනා

නෙතු වින්ද මොහොතේ හා
භව ගානක් රැඳුනා
එක හීනයක මා
පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා
මම රකිනවා පන සදා

පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා
මම රකිනවා පන සදා

written by U Prageeth Rajapaksha

අයාලේ | Ayale by Tehan Perera ft. Kaizer Kaiz [2022]

වරුවක් ඉවසන් මං උන්නා පාරේ
තරුවක් විසි වී එය රැදුනා අහසේ
කළුවක් වී අහසම එනවා වාගේ
කවුරුත් නැති ජීවිතේ සොදුරුයි වාගේ
හිත මගෙ හැදුනේ නෑ
හැදුනට පලකුත් නෑ
උබෙ ලඟ මගෙ හිත නෑ

නුඹ නැති ලොවක අයාලේ
තනියම සිනා සුනා වේ
නුබ මැව් කඳුළු වලාවේ
මේ හිත රිදුනේ නෑ
අඟහිග තිබුනු වෙලාවේ
ඇයි උබ ගියේ අයාලේ
මුලු ලොව බිදී ගියාවේ
මේ හිත රිදුනේ නෑ
මට නම් දැනුනේ නෑ

මට හම්බෙලා දවසක් මඟදි
ඇස් වලින් සෙල්ලන් කලා කඹඩි
එදා ඉදන් මගෙ හැගුම් බඩවී
දැන් ගොඩ කලක් පෙමෙ ඉපදී
විසබීජ නසාලා මගේ හිතේ
හෙමින් දිය උනා මගේ සබන් කැටේ
හොද වැඩේ ඉතින් අනේ මටත් උනේ
දැන් කව්ද උලන්නේ බං ඔය කැටේ
සට පට ගාලා ගැහුව කල
එලි බැස්සේ නොදැනම පාර
මගේ හැඟුම් කරන මේකි හරක් ගාලක්
දැක්කුවා මාව දිදී කස පාරක්
අයාලේ යන්න උනේ එල්ලෙන්න
බැරි නිසයි ගෙදර පරාලේ
මැරුනත් තොපි අඩයි ඇරියා වගේ
වත්තක පොදු කරාමේ

නුඹ නැති ලොවක අයාලේ…

හිත ලඟ මල් පරවී ඈතට ඇදුනේ
මගෙ ලඟ නුබෙ මතකය පරවී වැටුනේ
දවසක් නොව සතියක් නුබ ගැන සිතුවේ
සිත යන දුරකට මම යනවා අයාලේ
හිත මගෙ හැදුනේ නෑ
හැදුනට පලකුත් නෑ
උබෙ ලඟ මගෙ හිත නෑ

නුඹ නැති ලොවක අයාලේ

ගජමන් නෝනා | Gajaman Nona by Yohani ft. Tehan Perera

සදකොමලියට කතා
ඉගසුග නාරිලතා
හිතමනබන්දන සේයා

ඔය බැල්මකට නුරා
හිත අරගත්ත හොරා
මට ඉගිකරලමා චායා

රුව දිලෙනා
කවි දිලෙනා
කරකාරෙට බදිනා

පද අමුනා මට කියනා
නුඹ ගජමන් නෝනා

නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා
හද ගැහෙනා හිත හිත මා
පෙම මටමයි ඕනා

නුඹද සිහින පෙම් කුමරා
බැදුන රැදුන වන බඹරා
ගැහෙන තැනක පෙම තවරා
ගනකෝ මේ හිත දැන් පවරා

හිත මගේ තාලෙට නැලවෙනා
කරවට මාලෙක සැලෙනා
මුතුකොට ගෝමර ලෙල දෙනා
කවිපද ආලෙට ලංවෙනා

ගෝමර ලද කියමින්
කරබාලම ඔබේ ඔය හිත මැද
ආදරේ කිය කියා හොදටම
නුඹ හදවත ගියා

සුන්දර කෝල සිනා
ගින්දර තාල මනා
අන්දර වැට ලග පානා

පිංබර දාක පතා
පෙම්බර ආල කතා
මම නුබේ වෙන්නට ඕනා

රුව දිලෙනා
කවි දිලෙනා
කරකාරෙට බදිනා

පද අමුනා මට කියනා
නුඹ ගජමන් නෝනා

නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා
හද ගැහෙනා හිත හිත මා
පෙම මටමයි ඕනා

රුව දිලෙනා
කවි දිලෙනා
කරකාරෙට බදිනා

පද අමුනා මට කියනා
නුඹ ගජමන් නෝනා

නිදි වරනා රැය ගෙනෙනා
පෙම් හීනෙක වෙලුනා
හද ගැහෙනා හිත හිත මා
පෙම මටමයි ඕනා

අඳුරේ සරන්නී | Andure Saranni by Tehan Perera ft. Smokio [2021]

වත විකසිත නැති යාමේ
ළඟ උන්නා නෑ දැනුනේ
ප්‍රේමය බිඳ වැටුනාදෝ සොඳුරේ
හිත විස්තර නෑ ඇසුවේ
පෙර විඳි දුක ඇයි දැනුනේ
ප්‍රේමය මිය යනවාදෝ සොඳුරේ

කඳුලේ සරාවී රිදුමන් දැනේවී
පිලියම් දුරස් වී දිවියේ
අඳුරේ සරන්නී කඳුලින් උපන්නී
හැඟුමන් පෙලන්නී මුලු රෑ..
අඳුරේ සරන්නී කඳුලෙන් උපන්නී
හැඟුමන් පෙලන්නී මුලු රෑ..

බිඳී ගිය ඇස් වැනි වතාව තැන්වත්
හීන ලිය මඩුලු ඇත පරඬැල්වත්
අඳුරු හා මිතුරු වී සඳ කැන් මවන
කම්පිත ඇත හුදකලාවී ගැබ් වත්
ගලවා විදානෙකට පහන් දැල්ල
ගෑවි නොගෑවී හමන පවනැල්ල
කාලාවකාශයක් අතර මැද
හුදකලාවී සොයා වී හසරැල්ල
මඳ නල රැල්ල ගෙල වටා එතේවී
අතීතයේ මතක ආයෙත් ගෙනේවී
ජීවිතය නිරුවත් වී පෙනේවී
හුදකලාවී හදට වද දේවී
අත් අල්ලන් පියමන් අස්වන් මෝක්ශය
අද මම දන් නෑ ඈ ඉන්න ලෝකය
වයන්නම් මම වීණා ගිනිගනිද්දි රෝමය
හුදකලාවී පමනයි අවුලන්නේ ශෝකය

මල් පරවුනා ලොව තනිවුනා
අපි වෙන් වුනා හිත හිස් වුනා
සැකසූ කතා සිත වටලනා
බිඳෙනා නිසා මා දුර ගියා

කඳුලේ සරාවී රිදුමන් දැනේවී
පිලියම් දුරස් වී දිවියේ
අඳුරේ සරන්නී කඳුලෙන් උපන්නී
හැඟුමන් පෙලන්නී මුලු රෑ..

යන්නෙ ඇයි | Yanne Ai by Tehan Perera [2021]

තවමත් මතකයි
මගේ පපුවේ
හාදුම තියලයි
හිස තැබුවේ

හැමදා විදිනා
උනුහුමේ
තනිවෙලා මං හැඩුවා

යන්නේ ඇයි
ඇස් පියන් හිත පාරලා
ඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා

මල් මිටක් දෑතේ ආරාධනා
හැමදාම ඉන්න එන්නම් ඔබ සොයා

පැතුමන් පිරුවා හිත පතුලේ
රැජිනිය කරලා
පොඩි පවුලේ
බිලිදා සොයනා සෑමදේ
දෙන්න බෑ මට තනියේ

යන්නේ ඇයි
ඇස් පියන් හිත පාරලා
ඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා

මල් මිටක් දෑතේ ආරාධනා
හැමදාම ඉන්න එන්නම් ඔබ සොයා

යන්නේ ඇයි
ඇස් පියන් හිත පාරලා
ඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා

මල් මිටක් දෑතේ ආරාධනා
හැමදාම ඉන්න එන්නම් ඔබ සොයා

මනමාලියේ | Manamaliye by Tehan Perera ft. Hot Chocolate [2018]

හාදුවක් තියලා – කෝලයෙන් බැලුවා
නිල් නුවන් වහලා – ආදරෙයි කීවා
කවියක් වගේ – අපගේ සෙනේ
නදියක් වගේ – නොසිඳෙයි ලයේ

මනමාලියේ
දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ
තුරුලේ ඉඳන්
හුරතල් විඳින්නේ
සුවඳයි අපේ ආදරේ

මනමාලියේ
දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ
තුරුලේ ඉඳන්
හුරතල් විඳින්නේ
සුවඳයි අපේ ආදරේ

සෝ සුසුම් නිවලා – හාදකම් වැහැලා
ජීවිතේ හොයලා – යන්න යං පියඹා
කුසුමක් තරම් පිවිතුරු ලඳේ
දියතක් දුරින් මුමුනයි සඳේ

මනමාලියේ
සුවඳයි අපේ ආදරේ

මනමාලියේ
සුවඳයි අපේ ආදරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මට කළ ආරාධනා | Mata kala Aradhana by Tehan Perera [2019]

හැගුමක රස මැවී
සීනෙක පා වෙවි ඉමී
ඉවසුම් නැති හදින්
ඉතිරෙන ආදරෙන්
කුමරියකගෙ මුවින්
ගැයෙනා මුදු හඩින් පෙමින්
අමතක වී සුසුම් තැවුල්
පැතුම ද ඉටු උනා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතම සුබ කලා
රන් හුයකින් එක් වෙලා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතම සුබ කලා
රන් හුයකින් එක් වෙලා

කදුලැල්ලක් වත්
නෙතු මත නොරැදී
නූපන් සුසුම් නුනැගෙනා සේ
නුඹව රකිනවා
සෙවනැල්ලක් සේ
ඔබ ලගම රැදී
පපු තුරුල් උනුසුම් ගගුලේ
නුඹව දෝවනවා
පෙම් ගීතිකා හද පුරා
මගේ ප්‍රේමී නමින් ලියවුනා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතම සුබ කලා
රන් හුයකින් එක් වෙලා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතම සුබ කලා
රන් හුයකින් එක් වෙලා

රැදුනා පැතුමන්
සිට පෙර භවයකදී
ඉවසුම් නොසන්සුන් වුනා
ඈ මගෙම වෙන තුරා
කවුරුත්ම නොවූ
දෙවිදුන් අතින් මැවූ
පෙරුමන් දැරූ පෙම් කතාවක්
මෙලෙස ඇරඹුනා
පෙම් ගීතිකා හදපුරා
මගේ ප්‍රේමී නමින් ලියවුනා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතම සුබ කලා
රන් හුයකින් එක් වෙලා

මට කල ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතම සුබ කලා
රන් හුයකින් එක් වෙලා