පාවෙලා කෝඩු ආකාසෙ | Pawela Kodu Akase by Samitha Mudunkotuwa ft. Thilina R [2020]

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්
කවිකාර හීනය ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

නිදිවරන හීනයේ
මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන්
ඔය නමින්
නුඹ දුන්නු ආදරේ
අරුත සොයනා සිතින්
තව නුඹට ලන් වුනා
හුස්ම වැටෙනා දුරින්

නුපුරුදුම ආදරේ
එක හිතට යා කරන්
නවතින්න හදවතේ
හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ
තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ
නුඹට දුන්නා තරම්

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්
කවිකාර හීනය ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

සීමා නෑ | Seema Ne by Amila Kavinda ft. Thilina R & Apzi [2020]

සීමා නෑ හදවතට සීමා නෑ වැටෙන කඳුළු බිඳ දමා
දුර අනන්තෙට එහා තහනම් යතුරු සොයා
ඇස් පියන් වෙහෙසිලා ගව් ගනන් ඔබ සොයා
හදවතට නෑ සීමා……
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ …

රැය දහවලක් ගෙනා ඉර හඳත් මියෙනවා
හෙට දවස අද වගේ රැය ගනන් ගෙවෙනවා
සීමාවට එහා හදවතක් තියනවා
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ …

Baby Baby come
Baby Baby come

කාලයට රැවටෙනා හිත මගේ කියනවා
නුඹ ඒවිදෝ අහනවා
සීමාවට එහා හදවතක් තියනවා
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ ….

සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ ….

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සන්තාන සුසුම් | Santhana Susum by Suneera Sumanga ft. Thilina Ruhunage [2020]

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මංගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

මල් වීදි අතර සගවා
ගිය හාදු ඇතිද බැලුවා
වැල්පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මංගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

වැදි රජුට කඩුව පවරා
වල ලගදී මනමේ හැඩුවා
ඒ මතක සියලු සගවා
මහවැලිය ඔහේ ගැලුවා

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මංගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සංසාර ආදරේ | Sansara Adare by Athma Liyanage ft. Thilina Ruhunage [2020]

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා
සෙනහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා

මතකය හිතේ අහසක් තරමට ගොතා
ඉරහද පවා දිව්‍ රයි පෙම්වත් කියා
දුරකට නොයා තනියට පපුවට වෙලා
හිමිහිට රහස් අපි ගැන කිව්වා කතා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා

ඇහිපිය පවා හදුනන හීනය වෙලා
කදුලයි දුකයි තනියට හිතවත් කලා
දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
මුළු හිත පුරා තිබුනා නුඹ ගැන ලියා

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා
සෙනහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

 

හිත දුර හන්දා | Hitha Dura Handa by Athma Liyanage ft. Thilina Ruhunage

හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා …
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා …
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..

ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

හිත දුර හන්දා …..

අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා …

හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා …
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා …
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..

හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා …
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා …
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..

පෙනෙන නොපෙනෙන | Penena Nopenena by Athma Liyanage

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවෙන හීනේ
නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ
ජීවිතේ තිබුනා
හඩන හිනැහෙන නෙත් නුඹේ
උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක්
වගේමයි සිතුනා
නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඇවිදින් තුරුලුවෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා
නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ
තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන්
සිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ
ඔය නමත් රැදුනා

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්