පාවේ වලා | Pawe Wala by Victor Rathnayaka

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

කඳුලැල්ලෙන් හසරැල්ලෙන් – සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ – මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ – සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ – පහන් පෙම දිලේ

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

හාදව පෙම් බැන්ද රුවින් – පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ – දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා – තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ – පහන් පෙම දිලේ

පාවේ වලා – ඈත කඳු බලා
පෑ ආදරේ අමා – මා හද මවා
මා හද මවා – මා හද මවා

Written by Meegoda Wilson

pawe wala lyrics , pawe wala song lyrics , pawe wala chords

සඟවා ගනු මැන | Sangawa Ganu Mana by Victor Rathnayaka

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

මහ වන පියසෙක – අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳැකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවේ මා හද

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

නීල බිඟු කැල | Neela Bingu Kala by Victor Rathnayaka

නීල බිඟු කැල තාම රස පෙල
ආදරෙන් සනසාලා..
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

නීල බිඟු කැල තාම රස පෙල
ආදරෙන් සනසාලා..
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

මාරුතේ මතුරා යතේ
සුරඟුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරඟුන් නෙලූ කැකුළු
සුරඟුන් නෙලූ කැකුළු

නීල බිඟු කැල තාම රස පෙල
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ කිදුරී
මීවිතේ මදිරා සොරා
සඟවා නොයන් සොදුරී
සඟවා නොයන් ‍සොඳුරී

නීල බිඟු කැල තාම රස පෙල
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

පෙම්වතියයි ඔබ | Pemwathiyai Oba by Victor Rathnayaka

පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

සන්සුන් කර ලත්
ආයාසයකින්
සුපුරුදු බොලද තෙපුල්
දොඩමලු වී ඇත
නෙත් මා අභියස
නොදැනෙයි නුඹට හොරා

පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

තැන්පත් කරගත්
ඉරියව් ඉගි බිගි
ඉදහිට අමතක වී
කෙලිලොල් යුවතිය
එබිකම් කරමින්
මා ලග අදත් ඉදි

පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

හිතේ පිපෙන මල් | Hithe Pipena Mal by Victor Rathnayake

හිතේ පිපෙන මල් – හිත්
දෙවැටේයා
දැලේ බඹර වැල් – හිත වට
කැරකේවා
ලඳේ නුඹේ සුවඳ ගෙනේවා

නෙතේ සසල නිල් මහනෙල්
ඔමරි ලතාවෝ
මගේ හදට පෙම් මුවරද
සිහිල ගෙනාවෝ

හිතේ පිපෙන මල් – හිත්
දෙවැටේයා
දැලේ බඹර වැල් – හිත වට
කැරකේවා
ලඳේ නුඹේ සුවඳ ගෙනේවා

මදන මතින් ව්හඟුන් බමන
සදෑවේ
සසල හැඟුම් සිත්
සයුරෙන් එතෙර කළාවේ

හිතේ පිපෙන මල් – හිත්
දෙවැටේයා
දැලේ බඹර වැල් – හිත වට
කැරකේවා
ලඳේ නුඹේ සුවඳ ගෙනේවා

තනිතරුවේ | Thani Tharuwe by Victor Rathnayake

තනිතරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

තනිතරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි…

ෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි…

මෙතෙක් දුරක් එක් වී පැමිණී…

තනිතරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි…

මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි…

මගෙන් ඉවත බැඳිලා සැනසී…

තනිතරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

තනිතරුවේ
තනිතරුවේ
තනිතරුවේ
තනිතරුවේ

තනි වෙන්නට | Thani Wennata by Victor Rathnayaka

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ
සුවඳ මා ලගින්

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ
සුවඳ මා ලගින්

සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ

අළුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ
සුවඳ මා ලගින්

මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ

සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොයි වේදෝ

තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ
සුවඳ මා ලගින්

අපි හැගුම් වලට | Api Hangum walata by Victor Rathnayake

අපි හැගුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
අපි හැගිම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හදපානේ මද අදුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
මම මගේ හෙවනැල්ලෙන් මිදී
ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
මම මගේ හෙවනැල්ලෙන් මිදී
අව්දින් එමුත් රහසින් මුමුණා
හදපානේ මද අදුරේ

හදපානේ මද අදුරේ
අත් පටලා යමු ආයේ

හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ

හදපානේ මද අදුරේ
අත් පටලා යමු ආයේ

සිහිල් සුළං රැල්ලේ | Sihil Sulan Ralle by Victor Rathnayake

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ… කතර දෙව් ලොවක් වේ…

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ… අමා සුවය පැතුවේ…