චාරු දේවී | Chaaru Devi by Nisal Gamage [2019]

Sinhala song lyrics with music notes illustration

ඇස් කොනින් නුරා බැලුම්
දෙතොල් අගින් සිනා කැළුම්
මන්දහාස මුවග වෑහෙනා
නින්ද නේන හේතු සෑදෙනා..

ඇස් කොනින් නුරා බැලුම්
දෙතොල් අගින් සිනා කැළුම්
මන්දහාස මුවග වෑහෙනා
නින්ද නේන හේතු සෑදෙනා..

ළමැද යහනේ හිස තියා
හිඳිමි දෙවුරේ අත තියා
සුහදිනීයේ ලං ලං වෙලා
හිසම පිරිමැද සනසනා
සුවයටම නතුවෙමි සිතා
ස්නේහ වර්ශාවෝ ඉතිරෙනා
නුඹම වේ මා රාජිණි
සංසාර ගමනේ හා බැඳී
නිම් නොවූ ස්නේහයේ හොවා

උදුල සඳවත දැක නිති
පියුමුපුල නොබලා ඉමි
චාරු දේවී මා සනසනා
සිහින හැම ඔබ හා බැඳී
ලොවම ඔබ වෙනවා දැනී
ආල සන්තානේ ඉතිරෙනා
හිඳිනෙමි මා ආදරී
සංසාර ගමනේ හා බැඳී
නිම් නොවූ ස්නේහයේ හොවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply