in H.R.Jothipala

චන්දන ඇල්ලෙන් | Chandana Allen by H. R. Jothipala

චන්දන ඇල්ලෙන් නාලා – අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා – ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා

මලට මුවා වී ඉන්නේ – මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළු ව ඉන්නේ – ලෝකය නෑ එය දන්නේ

චන්දන ඇල්ලෙන් නාලා – අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා – ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා

දහසක් නෙත් යොමු වන්නේ – එනමුදු නෑ හඳුනන්නේ
ඇසිපිය යට සැඟවෙන්නේ – සිහින ලොවේ හමු වන්නේ

චන්දන ඇල්ලෙන් නාලා – අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා – ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා

එක කුසුමකි පිබිදෙන්නේ – එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා එන්නේ – වෙනසක් නෑ සිදුවන්නේ

චන්දන ඇල්ලෙන් නාලා – අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා – ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube
banner

Leave a Reply