ඩැෆඩිල් මලේ | Daffodil Male by Dayan Witharana

Sinhala song lyrics with music notes illustration

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

දුර ඈත ගං තෙරේ
සැඩ සීත මාරුතේ
වෙලී ගත ඈ
දැත ගෙන මා
හීන් වැහි කෝඩයේ

මුව කමල ආදරෙන්
සිප ගතිමි සීරුවෙන්
හැඟුම් සොඳුරුයී
රැඳුන නෙතඟේ
එවන් සැන්දැ කලේ

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

විලෝතුරු මං පෙතේ
සඳ උවන පිපි රැයේ
කෝල ලෙස ඈ
දෑස සැලුවේ
දෑල වැල් පාලමේ

හද විලම ආදරෙන්
සසල විය මුදු සරින්
හැඟුම් සොඳුරුයි
රැඳුන මතකේ
එවන් සැන්දෑ කලේ

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply