ඔබේ සුසුම් පවන් | Obe Susum Pawan by Dayan Witharana

ඔබේ සුසුම් පවන් සලයි

මගෙ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනේහස ගොඩ ගලයි
උණුසුමට මාව තෙමෙයි

මා ඔබෙයි ඔබම කියයි

ඔබ මගේද මටම බයයි
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගේද මටම බයයි
ඔබ සදක් වගේ හැඩයි…..
හෙට අමාවකද සැකයි

ඔබ හැගුම් බරව දොඩයි

ඒ වදන් කවිම තමයි
ඔබ හැගුම් බරව දොඩයි
ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක් වගෙයි….
හෙට ගිමන් කලද සැකයි
ඔබේ සුසුම් පවන් සලයි
මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සුසුම් පවන් සලයි
මගේ කොපුල් පුරා වෙලෙයි
ඔබේ සෙනේහස ගොඩ ගලයි….
උණුසුමට මාව තෙමෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *