සිත්තම් කරමින් | Siththam Karamin by Dayan Witharana

Sinhala song lyrics with music notes illustration

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා

දෙලොවක් අතරේ සරන ඔබේ සිත
මෙතරම් සසලෙන්නැතුව ඇති
ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා

භවයෙන් භවයේ අහිමිව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමු ද අපි අපේම වූ
මතු භවයක යළි හමුවෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply