දහම් කමල | Daham Kamala by Sangeeth Wickramasinghe

Sinhala song lyrics with music notes illustration

තෛලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණෝ..
සියලු සත වෙත මෙත් කරුණා පා..
ශාන්ත මෝක්ෂ මඟ පහදා දී..
අද වැනි පුන් පෝදාක නැවත නොමියෙන් සේ..
අප බුදු පියාණෝ..
පිරිනිවන් පෑ සේක..

මල්ලව රජුගේ මල් උයනේ පිපි
මල් හැම පරවී වැටුනා
ශාක්‍ය සිංහ තුන් ලෝක සිවංකර
හිමි මුව කමලද වැසුණා
දහම් කමල මැලවිලා ගියේ
එනමුදු තවමත් සුවඳ තියේ

ආ..

ඇවිදින පැනයන ඉගිලෙන සව්සත
ඇයි මේ ශෝක වෙලා
දසදිග විහිදුව උතුම් දහම් හඬ
ඇයි අද නිහඬ වෙලා
දහම් කමල මැලවිලා ගියේ
එනමුදු තවමත් සුවඳ තියේ

වෙනදා දිලිසුන හිරුදෙවි අද නැත
වළාකුළින් වැහිලා
මේ තුන් ලෝකය කළ ආලෝකය
පහන ගියා නිවිලා
දහම් කමල මැලවිලා ගියේ
එනමුදු තවමත් සුවඳ තියේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply