දකුණු අතේ | Dakunu Athe by GAYYA (Gayan Perera) [2020]

Sinhala song lyrics with music notes illustration

තාලෙට ඇගෙ
හැඩ ඉග පැද්දෙනවා
දිය ඇල්ල වගේ
කොන්ඩේ සැලෙනවා
තරු කැට වගෙ

ඇස් දෙක දිලිසෙනවා
දුවලා ගිහින් වඩාගන්න
හිතෙනවා

ඒ ගැන ඇය
දන්නවා
හොදටම
දන්නවා
ඇය දැන දැන
මගේ දිහා හොරෙන්
බලනවා

සමහර විට හිතෙනවා
අම්මපා මට හිතෙනවා
අපේ නෝන දික්කසාද කරලා
එන්න හිතෙනවා

පන්සිල් පද කඩන්න
හිත මට දෙන්නෑ,
මිදි තිත්තයි කිව්
නරියෙක් වෙන්නත් බෑ,
අපායෙ යන පවු වැඩ

මම කරන්නෙ නෑ,
ඇඟටම එනකොට
අත අරින්නටත් බෑ..

තනිකඩ කාලෙ
මතක් වෙනව දිවා රෑ,
ඒ වගෙ සෙල්ලම්
දැන් මට දාන්න බෑ,
දෙන දෙයියොත්
දෙනකොට වෙලාව හරි නෑ,

කෙල්ලේ..
උඹ ගැන හිතල හිතල ද
කුණු අතේ.. (මොකේ?)
මගේ දකුණු අතේ රේඛාවල් නෑ

හීනෙනුත් ඇගේ
රූපෙ මැවෙනවා
කන් දෙකේ ඇගේ
කටහඩ රැව්දෙනවා
හිනහ වෙනකොට

කළ එළිය වැටෙනවා
දුක් කරදර මගේ
අමතක වෙනවා

ඒ ගැන ඇය
දන්නවා
හොදටම
දන්නවා
ඇය දැන දැන
මගේ දිහා හොරෙන්
බලනවා

සමහර විට හිතෙනවා
අම්මපා මට හිතෙනවා
අපේ නෝන දික්කසාද කරලා
එන්න හිතෙනවා

පන්සිල් පද කඩන්න
හිත මට දෙන්නෑ,
මිදි තිත්තයි කිව්
නරියෙක් වෙන්නත් බෑ,
අපායෙ යන පවු වැඩ

මම කරන්නෙ නෑ,
ඇඟටම එනකොට
අත අරින්නටත් බෑ..

තනිකඩ කාලෙ…

හිත එක්තැන් කරගන්නට
මට බෑ
මට බෑ
මට බෑ

හරි හැටි නින්දක් නෑ
සිහිවෙනවා
තුන්තිස් පැය
මට ඈ
මට ඈ
මට ඈ

ප්‍රශ්නෙට විසදුම
කාලගවත් නෑ
තව කොපමණකල්
ඉවසන් ඉන්නට

පුළුවන් වෙයි දෝ
මම දන්නෙ නෑ
දන්නෙ නෑ
දන්නෙ නෑ

පන්සිල් පද කඩන්න
හිත මට දෙන්නෑ,
මිදි තිත්තයි කිව්
නරියෙක් වෙන්නත් බෑ,

අපායෙ යන පවු වැඩ
මම කරන්නෙ නෑ,
ඇඟටම එනකොට
අත අරින්නටත් බෑ..

තනිකඩ කාලෙ…

written by Gayya

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply