දඟකාර ඔය දෑස | Dangakara Oya Dasa by Sanath Nandasiri

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..

උදයේ හවා අප හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ ..
උදයේ හවා අප හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ ..
දෙකොපුල් විලේ හසරැල් පිපි
සතුටින් ම කල් යාවුනා ..
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..

සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුවා හදේහි සෙනේ..
සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුවා හදේහි සෙනේ ..
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා ..
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *