මේ ප්‍රථම වසන්තයයි | Me Prathama Wasanthayai by Sanath Nandasiri

Sinhala song lyrics with music notes illustration

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරුණේ මධු මල් පිපෙනා
බිගු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

තරු නැගෙන තුරා නිදිබර අඹරේ
සදු නැගෙන තුරා හිටියද අදුරේ
ඔබ සුපුන් සදක් සේ පායා
පහන් රැයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරුණේ මධු මල් පිපෙනා
බිගු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

සිත පවස දරා මිරිගුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොලක් සේ පාවී
වසන්තයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරුණේ මධු මල් පිපෙනා
බිගු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply