in Lashan Herath

දෑතින් අල්ලන් | Dathin Allan by Lashan Herath [2023]

ආදරේ දැනෙනා මානෙක
ලං වෙන්න හේතූ හොයන්නද
ඔබ එක්ක ගෙවනා මොහතක
ආදරේ තනුව ලියන්නට

දගකාරි පේනා ඉවසන්න බෑනේ ආදරේ
ඔය ස්වරය ඕනා….

දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
ලං වී ඉන්නම් හැමදාමත්
ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
තනුවක් වීලා පියඹන්නම්

හවසක හමූවී අපගෙ මතකය මුමුනන්න
පවනට ලං වී ඔබගේ උණුසුම විද ගන්න
හදේ පතුලට දැනෙන දේවල් සාගරේටම කියන්නම්
නෑසුනා සේ ඉන්න හැදුවොත් මග බලන් මන් හිදින්නම්

මේ ලෝකේ ලස්සන මල් පිපෙනකොට
ඒ මල්වල ලස්සන බලන මන් දන්නවා
ඒ මල් කවදා හරි පරවෙන බව
ඉතින් මන් ආසම මල
මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද

දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
ලං වී ඉන්නම් හැමදාමත්
ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
තනුවක් වීලා පියඹන්නම්

ආදරේ දැනෙනා මානෙක
ලං වෙන්න හේතූ හොයන්නද
ඔබ එක්ක ගෙවනා මොහතක
ආදරේ තනුව ලියන්නට

දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
ලං වී ඉන්නම් හැමදාමත්
ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
තනුවක් වීලා පියඹන්නම්

written by Lashan Herath

banner

Leave a Reply