දෙනෙත මම සොයයි | Denetha Mama Soyai by DILU Beats [2021]

Sinhala song lyrics with music notes illustration

ආදරයෙදී ජීවිතයෙදී මා විසින් සෙව්වාවූ
ඈව ලැබුනී තාම සිතමී රූපෙ සිතෙ මැව්නාවූ
ඒ නීල බබලන නෙත්
මාගේම වූ අයුරූ
මේ හීන ඉටුවන තෙක්
සොයන්නෙමි මා කරුණූ

ගීතයකි ඈ තනුව වෙමි මා
ගයමු අපි සිතුසේම
ජීවිතය මා නැවත විඳිමී

ඒ නුඹ නිසයි සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං
Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං
ඒ නුඹ නිසයි සිත සොයයි
නුඹගෙ දෙනෙත මම සොයයි
සිතමි මං නුඹගෙ උනුහුමේ වෙලෙමි මං
Hey නුඹ තමයි ඇත්තමයි නැවත සතුට ඇතිකලේ
රකිමි මං දිවිය ඇති තුරා රකිමි මං

අපගෙ ගමනයි අපගෙ හීනයි එකවගේ දැනුනාම
නුඹව මෙතරම් වටිනු ඇයිදෝ නිතර සිත ඇසුවාම
ගොළු වෙන්න සිතෙනුයෙ ඇයි
නුඹ දෙන්නෙ පිළිතුරු මයි
නුඹෙ වෙන්න සුදුසුද මං
නිතර මට සිතෙනවමයි

නුඹෙ තළෙළු රුවේ.. සිනහ මුවේ ..තනිකම හුරු නෑ.. දැන්
නුඹෙ සිතට රැවට වසග වී මං

ඒ නුඹ නිසයි සිත සොයයි….

ගීතයකි ඈ තනුව වෙමි මා
ගයමු අපි සිතුසේම
ජීවිතය මා නැවත විඳිමී

ඒ නුඹ නිසයි සිත සොයයි…

ආදරයෙදී ජීවිතයෙදි මා විසින් සෙව්වාවූ
ඈව ලැබුනී තාම සිතමී

written by Ashan Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply