in Bhashi Devanga

දෙතොල් | Dethol by Bhashi Devanga [2021]

දෙතෝලේ සියුමැලි දෙතොලේ
හිනාවී බලා ඉන්න
සිපගන්නම් රහසින්

ඈගේ සියුමැලි දෑතේ
වෙලී ඉන්න ඇත්නම්
දෙනෙත පියවිලා
දෙතොල් සිහි වුනා ඈගේ
ගෙවුනු කාලේ

ලා දම් පාටින් අහස පායන්න වාගේ තියේ
මේ පෙම්වත් කතාවේ

ආශා කරන සිත්
ආලේ හොයන
දැන් සිත්තම් හීන පේන
දැන් ගේන සේයාව
දෑසේ ඇදුනු පෙම් තාලෙන් දැනුන
දෙතොල් සිපගන්න නුඹේ මං

හිනැහෙමුද ආයෙත් වරක්
මුන ගැහුනු තැන් පහු කරන්
ඇවිත් හිත සන්සුන් කරනා ගමන්

දෙනෙත පියවිලා
දෙතොල් සිහි වුනා ඈගේ
ගෙවුනු කාලේ

ලා දම් පාටින් අහස පායන්න වාගේ තියේ
මේ පෙම්වත් කතාවේ

ආශා කරන සිත්
ආලේ හොයන
දැන් සිත්තම් හීන පේන
දැන් ගේන සේයාව
දෑසේ ඇදුනු පෙම් තාලෙන් දැනුන
දෙතොල් සිපගන්න නුඹේ මං

banner

Leave a Reply