දෙවිවරු | Devivaru by Kamaj [2020]

Sinhala song lyrics with music notes illustration

හීන පොදි බැඳ ජීවිතේ ගැන
හාමතේ හිත ඉල්ලනා
සැනසීම මට අංශුවක් වත්
ලැබුනෙ නෑ අද වෙන තුරා

රෝද හතරෙන් වඩින රිශිවරු
පන්සලේ පලිලියෙ පුරා
ඉර්ධි බලයෙන් බැටරි පනදෙන්න
අපව රවටන අයියලා

කය පිනවන දේවල්
රස දනවන දේවල්
අප ගිජුවන දේවල්
යනකොට එනවා නම්, අවසානයෙදි මං

අහස උඩ අපි වඳින දෙවිවරු
ඉන්නෙ අපගේ පින් පතා
නිවන් යන්නට පින් එකතු කරගන්න
ඉන්නවා මනුසතා

ජීවිතේ ගොඩ ගන්න දඟලන
මල් විකුනනා නංගිලා
රෝද තුන උඩ ජීවිතේ ගැට
ගහගන්නවා මල්ලිලා

කය පිනවන දේවල්
රස දනවන දේවල්
අප ගිජුවන දේවල්
යනකොට එනවා නම්, අවසානයෙදි මං

අවසානයෙදි මං (අරගෙන යනවානම්)
අවසානයෙදි මං (ස්වර්ගයට යමු බ්න්)
අවසානයෙදි මං (මා ගෙනයාපන්)
අවසානයෙදි මං, අවසානයෙදි මං

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply