in Clarence Wijewardena

දිලීප පොඩි පුතු | Dileepa Podi Puthu by Clarence Wijewardena

දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..

පරෙවි දෙපා වැනි සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ..
පුතු මිට මොලවන් සංගවා ගෙන ඇත
මා නොලියුව ගීතේ..

දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..

මහද විමානයෙ තැන්පත් කළ ලේ
බිදුවක් අඩුව ඇතේ..
එය සංගවාගෙන බිලිදු වෙසින් ආ
වස්තුව ඔබය පුතේ..

දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..

banner

Leave a Reply