දිලීප පොඩි පුතු | Dileepa Podi Puthu by Clarence Wijewardena

Sinhala song lyrics with music notes illustration

දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..

පරෙවි දෙපා වැනි සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ..
පුතු මිට මොලවන් සංගවා ගෙන ඇත
මා නොලියුව ගීතේ..

දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..

මහද විමානයෙ තැන්පත් කළ ලේ
බිදුවක් අඩුව ඇතේ..
එය සංගවාගෙන බිලිදු වෙසින් ආ
වස්තුව ඔබය පුතේ..

දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුල් යහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..
කුමාරයාණනි මගේ කිරැළ හිමි
ජීවන රජ දහනේ..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply