Sinhala song lyrics with music notes illustration

මනුසත් බවේ පහන් දැල්වේවී
ඉවසීමේ ගුණය විහිදේවී

නව නිමැවුම් ලොවට බිහිවේවී
සුව හැගුමෙන් ලොවම පිබිදේවී

බැදිලා එකට එක් වී සදා
සවියෙන් නැගෙමු පෙරටත් වඩා
ලොවම දසත පැසසුම් ලබා
දිරිය සමග යමු එක් සිත් දරා
සැමදා

මිහිමත උපන්
සුව දෙවි අනුහසින්
රණ බිම දිනූ විරුවන්ගේ බලෙන්

දුර බව උනත්
අප ලංවී සිතින්
යලි නැගිටිමු දෑ විරුවන් ලෙසින්

බැදිලා එකට එක් වී සදා
සවියෙන් නැගෙමු පෙරටත් වඩා
ලොවම දසත පැසසුම් ලබා
දිරිය සමග යමු එක් සිත් දරා
සැමදා

එකමුතු වෙමු
සැම අද එකාමෙන්
ජාති භේද දුරලමු අපි සාමයෙන්
මිනිසත් කම ලොවටම පෙන්වමින්
ජයගමු අපි අද මේ උවදුරින්
මිනිසත්කම එය තමයි වත්කම
ලොවටම පෙන්වමු ඒ සත් බව
පෙරටම එමු අපි ශ්‍රී ලාංකික
සවියෙන් නැගිටිමු පෙරටත් වැඩියම

සංවර වූ දැයක් බිහිවේවී
සුව දිවියෙන් සතුට ඉතිරේවී
මිනිසත් බවේ සුවද විහිදේවී
යළි දිරියෙන් රටම සෑරසේවී

බැදිලා එකට එක් වී සදා
සවියෙන් නැගෙමු පෙරටත් වඩා
ලොවම දසත පැසසුම් ලබා
දිරිය සමග යමු එක් සිත් දරා
සැමදා

බැදිලා එකට එක් වී සදා
සවියෙන් නැගෙමු පෙරටත් වඩා
ලොවම දසත පැසසුම් ලබා
දිරිය සමග යමු එක් සිත් දරා
සැමදා

Song Summary

The song calls for unity, humanity, and collective strength to rebuild society with compassion, resilience, and shared purpose.

Song Meaning

This song is a hopeful and motivational anthem that emphasizes human kindness, patience, and unity as the foundation for overcoming national and social challenges. It encourages people to stand together beyond divisions of race, class, or distance, drawing strength from shared values and past sacrifices. The lyrics highlight the importance of innovation, discipline, and moral responsibility while honoring heroes who protected the land. At its core, the song reminds listeners that true wealth lies in humanity, empathy, and solidarity, urging Sri Lankans to rise together with courage and determination to create a peaceful, respected, and prosperous future.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply