මම නම් | Mama Nam Gange Paninawa (Remix) by Nishantha

Sinhala song lyrics with music notes illustration

ලෙවල් එකට පාස් වෙන්න
ඔක්කොම සම්මාන ගන්න
රුපියල් 500ක යන්තරයක් දැම්මේ
ඒකේ ප්‍රතිඵල ආවා
මගේ හදවත දුක ගාවා
වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ

නුඹ නාඩන් නුඹ නාඩන්
උඹට ඕවා හොද පාඩන්
නුඹ නාඩන් නුඹ නාඩන්
උඹට ඕවා හොද පාඩන්

මම නම් ගගේ පනිනව
වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙන
කොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
හුටා කොච්චිය ලංවෙනකොට
මං නැගිටිනවා

කදු නැගලා කදු බැහැලා
මාස ගනන් දුක් විදලා
මහ සයිකල් රේස් එකට පුරුදු උනා මං
හතිදාගෙන පැද්දත් මං
අන්තිමේදි තද වෙහෙසින්
දිනුම් කනුව ලගට ආවේ
හූ හඩ මැද්දෙන්

නුඹ නාඩන් නුඹ නාඩන්
උඹට ඕවා හොද පාඩන්
නුඹ නාඩන් නුඹ නාඩන්
උඹට ඕවා හොද පාඩන්

මම නම් ගගේ පනිනව…

දවසට පැය 2 ගානේ
ජිම් එකේ මම බඩගෑවේ
ආනොල්ඩ් සුබසිංහ වගේ වෙන්න හිතං බං
අනේ ස්දු කෙල්ලෙක් ලගට ආවා
මගේ පුටුවෙන් වාඩි උනා
මටත් වඩා වේට්ස් ගහලා ඇපත් නෑනේ බං
කිරි අප්පට බල්ලෝ පැනපි
යන එන මං නැති වෙච්චී
හොයලා බලලා පැන්න ගගේ වතුර නෑනේ බං

නුඹ නාඩන් නුඹ නාඩන්…

මම නම් ගගේ පනිනව…

චිත්තරපටි ඩිරෙක්‍ටර්ගේ බැල
මෙහෙවර සේවෙ කරලා
සිනමාවට ඇන්ටර් උනේ
අතින් ගෙවලා මං
හිටපු එකම සීන් එකත්
එඩිටර් මල්ලීගේ කතුරට
බෙල්ල කැපුනා වගේ කැපිලා
වැඩක් නෑ නේ දැන්

නුඹ නාඩන් නුඹ නාඩන්…

මම නම් ගගේ පනිනව…

නුඹ නාඩන් නුඹ නාඩන්…

මම නම් ගගේ පනිනව…

Song Summary

The song humorously portrays a series of personal failures and disappointments while highlighting resilience through self-awareness and satire.

Song Meaning

This song uses comedy and irony to reflect the everyday struggles of an ordinary person chasing success in education, sports, fitness, and entertainment, only to face repeated failure. Instead of presenting tragedy in a dark way, the lyrics exaggerate frustration and hopeless thoughts to expose how unrealistic expectations, shortcuts, and societal pressure can lead to disappointment. The recurring line acts as a self-reminder that these failures are lessons rather than endings. Beneath the humor lies a realistic message: life often doesn’t reward effort the way we expect, but perseverance, humility, and the ability to laugh at oneself are what ultimately help people survive setbacks and keep moving forward.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply