එක් පෙති මලක් | Ek Pethi Malak by Rohan Shantha Bulegoda

Sinhala song lyrics with music notes illustration

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට

විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසින

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට

සිටිනා කොදෙව්වක නුඹ් සැප විඳී නම්
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
තව කුමකටද දුක් ගී කල්පනාවන්

ම්ම්…..ම්ම්හ්…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply