in CHAMEL

ගැහෙන නුරාවේ | Gahen Nurawee by Chamel [2021]

ගැහෙන නුරාවේ වෙලුනා රහසේ
රිදෙන දුමාරේ ඇසුනා කී දේ
තුහින මකාලා වෙලුනා මාගේ
රැදෙන ලතාවේ තනි වී උන්නා වේ

සයනේ රටා රූ මැකේ
මහදේ සුරා මත් වෙලේ
මතකේ පුරා මා දැවේ
ඇයගේ දවාලූ සෙනේ

මියුණ අතීතේ ඉඩ නෑ ආයේ
සිහින ඇසේවී වියැකී මාගේ
තනිව අසාවී හිස් ආකාසේ
ඇයම සරාවී මනසේ මාගේ

ගිලිහෙනා කාරණා මියෙනවා සිත මගේ
වැරදෙනා කෙටි කතා මට සදා හිමිවුනේ
මම ම කී දේ.. මට ම පෑරේ
ඇති කියා.. අහනවා
හැරලු ප්‍රේමේ.. යළි නොආයේ
තනිවෙලා.. තැවෙනවා

ගැහෙන නුරාවේ වෙලුනා රහසේ
රිදෙන දුමාරේ ඇසුනා කී දේ
තුහින මකාලා වෙලුනා මාගේ
රැදෙන ලතාවේ තනි වී උන්නා වේ

banner

Leave a Reply