ගමට වැඩ ඇති ගමේ ඉඳිවුණ පුංචි ආවාසේ
අපේ හිමිවරු විඳිනවා දුක් කටුක කටු වාගේ
සෙයිලමේ මහ තුසිත දෙව්ලොව සදිසි මහ වෙහෙරේ
වැඩ හිඳි අපේ මහා හිමිවරු ලබා සුව සහනේ
කල් ගෙවා එන පෝය පුරසඳ දියෙන් නැහැවෙන්න
සදාකල් පින් පුරා පව් හැර නිවන් පුර යන්න
ගමත් හදලා බණත් කියලා ගමේ වැඩ ඉන්න
දුගී දුප්පත් හිමිවරුන් බලාවත් යන්න
නැව් නැගී එන කාසි මහ කඳු වලින් වැඩගන්න
මහා පන්සල් මහා කප්රුක් ටිකක් සොලවන්න
කිසිත් නොලබා තැවුල් ඉවසා ගමේ තව ඉන්න
දුගී දුප්පත් මිනිස්සුන්ටත් ඉනාවක් දෙන්න
ගමට වැඩ ඇති ගමේ ඉඳිවුණ පුංචි ආවාසේ
අපේ හිමිවරු විඳිනවා දුක් කටුක කටු වාගේ
සෙයිලමේ මහ තුසිත දෙව්ලොව සදිසි මහ වෙහෙරේ
වැඩ හිඳි අපේ මහා හිමිවරු ලබා සුව සහනේ