in Chamara Weerasinghe

ගමට වැඩ ඇති | Gamata Wada Athi by Chamara Weerasinghe

ගමට වැඩ ඇති ගමේ ඉඳිවුණ පුංචි ආවාසේ
අපේ හිමිවරු විඳිනවා දුක් කටුක කටු වාගේ
සෙයිලමේ මහ තුසිත දෙව්ලොව සදිසි මහ වෙහෙරේ
වැඩ හිඳි අපේ මහා හිමිවරු ලබා සුව සහනේ

කල් ගෙවා එන පෝය පුරසඳ දියෙන් නැහැවෙන්න
සදාකල් පින් පුරා පව් හැර නිවන් පුර යන්න
ගමත් හදලා බණත් කියලා ගමේ වැඩ ඉන්න
දුගී දුප්පත් හිමිවරුන් බලාවත් යන්න

නැව් නැගී එන කාසි මහ කඳු වලින් වැඩගන්න
මහා පන්සල් මහා කප්රුක් ටිකක් සොලවන්න
කිසිත් නොලබා තැවුල් ඉවසා ගමේ තව ඉන්න
දුගී දුප්පත් මිනිස්සුන්ටත් ඉනාවක් දෙන්න

ගමට වැඩ ඇති ගමේ ඉඳිවුණ පුංචි ආවාසේ
අපේ හිමිවරු විඳිනවා දුක් කටුක කටු වාගේ
සෙයිලමේ මහ තුසිත දෙව්ලොව සදිසි මහ වෙහෙරේ
වැඩ හිඳි අපේ මහා හිමිවරු ලබා සුව සහනේ

banner

Leave a Reply